gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

’’අපි තමයි හොඳටම කරන්නේ’’ කිය කියා ආණ්ඩුව රට සම්පූර්ණ අගාධයකට තල්ලු කරලා - හර්ෂ

"බැංකු එච්චරටම අසරණ තත්වයට පත්වෙලා, වෙන කොහෙන්වත් ඩොලර් ගන්න හැකියාවක් නැති නිසා කියනවා ස්වොප් එකට එකඟ වෙන්නම්, 200ක් මම අද දෙන්නම් ඔබ මට දෙන ඩොලර් එකට, නමුත් මාසෙකින් මම ඒ ඩොලර් එක නැවත ඔබට දෙනකොට ඔබ මට දෙන්න ඕනෙ 192.25යි කියලා. ඒ කියන්නෙ වාර්ෂික ගණන් තියලා බැලුවොත් එහෙම අද ඩොලර් ණයට ගන්නෙ 40% - 45% කට වගේ පොලියකට. ඒක තමයි ඇත්ත කතාව.

31 වෙනිදා වෙනකල් කොහොමහරි මේ රුපියල මිනිස්සුන්ට දසවධ දීලා හරි මේ ගාණට තියන් ඉන්නවා, දත්ත ටික බැලන්ස් කරගන්න. ඒ කියන්නෙ රුපියල අද පා කරෝතින් එහෙම 230 - 240 ට ගියෝතින් එහෙම මේගොල්ලොන්ගෙ ආර්ථික වර්ධන වේගය, උද්ධමනය, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය, මේ ඔක්කොම බහිනවා, වැරදි පැත්තට ගමන් කරනවා. දැන් අපට ඉඟියක් ලැබෙනවා ජනවාරි 03 වෙනිදාට සාකච්ඡා කරනවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද කියන එක ගැන. 

මේ තීරණ ආණ්ඩුවට ගන්න තිබුණේ හරියටම මාස 13කට කලින්. ඒගොල්ලො කිසි විදියකටවත් උපදෙස් ගත්තෙ නෑ විශේෂඥයින්ගෙන්. කෘෂිකර්මයෙත් එහෙමයි, සෞඛ්‍යයෙත් එහෙමයි, ආර්ථිකයෙත් එහෙමයි, හැම තැනම එහෙමයි. තමන්ගෙ උද්දච්ඡකමට, තමන් සියල්ල දන්නවා, අපි තමයි හොඳටම කරන්නෙ කියලා කියලා දැන් මේ රට සම්පූර්ණ අගාධයකට තල්ලු කරලා දාලා තියෙන්නෙ. කරුණාකරලා දැන්වත් විශේෂඥ උපදෙස් අනුව වැඩ කරන්න" 

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka