දියර පොහොර කෑන් පුපුරන්නේ හොද වැඩිකමටයි…
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවීන්ට බෙදා දුන් දියර පොහොර කෑන් පුපුරා යාම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් පළ කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ගොවීන් ලක්ෂ 8කට මෙම ජෛව පොහොර බෙදා දී ඇති බවත් පුපුරා ගොස් ඇත්තේ කෑන් පහ හයක් පමණක් බවත්ය.
මෙම දියර පොහොර වල නයිට්‍රජන් වැඩිපුරම තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා පුපුරා යන්නේ එහි ක්‍රියාකාරීත්වය වැඩි නිසා බවත් සඳහන් කළේය.
එනිසා මෙය මුළු රටටම සිදු වූවක් ලෙස අර්ථකථනය කිරීම වැරදි බව ද අමාත්‍යවරයා සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.
දියර පොහොර කෑන් පුපුරන්නේ හොද වැඩිකමටයි…
2021-12-11T22:43:00+05:30
Gossip Lanka Hot News





