gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආර්පිකෝ ඉන්ෂුවරන්ස්හි පඩි ඉල්ලූ සේවකයකුට මැනේජර්ලා තඩිබාලා රෝහලේ !

තමන්ට හිමි වැටුප් ලබාගැනීමට ගිය සේවකයකුට ආර්පිකෝ ඉන්ෂුවරන්ස් ආයතනයේ කළමනාකරුවන් දෙදෙනෙකු විසින් පහරදීමක් සිදුකර ඇති බවත්, සිද්ධියෙන් තැලීම් තුවාල ලද සේවකයා රෝහල්ගත කර ඇතැයි එක්සත් මානව හිමිකම් සංවිධානය කියා සිටී.

වසර 2021 සැප්තැම්බර් මස 25 හෝ ඊට ආසන්නව දිනක සේවයට බඳවා ගන්නා ලද 20 ක් පමණ වූ සේවක කණ්ඩායමේ එක් සාමජිකයෙක් මාසයක කාලයක් කළුතර ශාඛාවට සේවය සඳහා ගියද ඒ සඳහා ගෙවීමක් නොකිරීම හේතුවෙන් තමන්ට අය විය යුතු මුදල් ලබා ගැනීමට පුර්ව දැනුම්දීමකට අනුව පසුගිය දෙසැම්බර් 15 වැනිදා කළුතර ශාඛාවට (WADDUWA CITY) ගොස් තිබේ.

එසේ එහි ගිය අවස්ථාවේ එම ශාඛාව තුළදී මේ තරුණ සේවකයාට අදාළ කණ්ඩායමේ කළමනාකරු සහ ශාඛා කළමනාකරු පහරදී ශාරීරික හිරිහැර කර තිබේ.

පසුව පහර කෑ තරුණයා මේ පිළිබඳව කළුතර උතුර පොලිස් ස්ථානයේ CIB I - 01/112 යටතේ පැමිනිලි කර ඇති බවත් එක්සත් මානව හිමිකම් සංවිධානය කියා සිටියි.

මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය සමග සම්බන්ධ වීමට එක්සත් මානව හිමිකම් සංවිධානය බොහෝ වාරයක් උත්සාහ කළද සියළු උසස් නිළධාරින් මගහැර සිටින බව ද එම සංවිධානය චෝදනා කර සිටියි.

පාරිභෝගිකයාගේ ජීවිත ආරක්ෂා කිරීමට, රක්ෂණ සේවා ලබා දී මුදල් උපයන මෙම ආයතනයට එම මුදල් සොයා දීමට බඳවා ගන්නා සේවකයින්ගේ ජීවිත ආරක්ෂාව පිළිබදව ගැටළු කතා කිරීමට තරම් වේලාවක් නැති වීම බරපතල තත්ත්වයක් බවට පත්ව තිබේ.

තරුණයා මෙම නිළධාරින් දෙදෙනාගේ ඉල්ලීම මත IBSL විභාගයට පෙනී සිටීමට රු. 1000/= ගෙවා ඇතත් මේ වන තුරු ඔහුට එම විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොදුන් බවද, නිළධාරින්ගේ බල කිරීම මත රක්ෂණ ඔප්පුවක් සඳහා රු. 3000/= එක් නිලධාරියකු පෞද්ගලිකව ලබා ගත් බවත්, රට වසා ඇති කාල සීමාවේදී කෙසේ හෝ සේවා ස්ථානයට පැමිණෙන ලෙස හා අදාල ප්‍රවාහන ගාස්තු ගෙවනා බවට පොරොන්දු වූවද ඒ සඳහා ඔහුට ලැබිය යුතු රු.9,700/= ක මුදලද ගෙවා නැති බවත් පැවසේ.

එසේම මෙහි කණගාටුදායක තත්වය නම් අදාළ ගෙවීම් නොලද බැවින් ආයතනය හැරදා ගොස් ඇති එකම සේවකයා මෙම තරුණයා පමණක් නොවීමය.

දෙසැම්බර් 15 සවස 3.45 පමණ කළුතර උතුර පොලීසිය වෙත කරන ලද පැමිණිල්ල විභාග කිරීම සඳහා (පහර කෑ අය රෝහල්ගතව සිටියද ) පහර දුන් පුද්ගලයන් දෙදෙනාව 16 සවස් වන තෙක් පොලීසියට කැඳවා නොතිබිණ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka