gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද මෙරටට

පාකිස්ථානයේ සියල්කොට් නගරයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය අද (06) දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. 

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මේ පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබයි. 

පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට කටුනායක ගුවන් තොටුපලට රැගෙන එන දේහය එහිදී ප්‍රියන්ත කුමාර මහතාගේ සමීප ඥාතීන් වෙත බාරදීමට නියමිතය. 

එමෙන්ම ඒ මහතාගේ පවුලේ සාමාජිකයින්ට වන්දි ලබාදීමට පාකිස්ථාන රජය කටයුතු කරන බව එරට ප්‍රවෘත්ති අමාත්‍ය ෆවාඩ් චෞද්‍රි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka