පාකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද මෙරටට
පාකිස්ථානයේ සියල්කොට් නගරයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය අද (06) දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සහ පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මේ පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබයි.
පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට කටුනායක ගුවන් තොටුපලට රැගෙන එන දේහය එහිදී ප්‍රියන්ත කුමාර මහතාගේ සමීප ඥාතීන් වෙත බාරදීමට නියමිතය.
එමෙන්ම ඒ මහතාගේ පවුලේ සාමාජිකයින්ට වන්දි ලබාදීමට පාකිස්ථාන රජය කටයුතු කරන බව එරට ප්‍රවෘත්ති අමාත්‍ය ෆවාඩ් චෞද්‍රි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
පාකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද මෙරටට
2021-12-06T09:07:00+05:30
Gossip Lanka Hot News





