gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාවට මේ දවස්වල තියෙන්නේ බඩ ගැන ප්‍රශ්නයක්… කන්න බොන්නත් රටක් තියෙන්න ඕන…

මේ රටේ කිසිදු නායකයෙකු එක නිතියක් රටේ ක්‍රියාත්මක කිරිමට කටයුතු නොකල බවත්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිතිය බල ගැන්විමට පියවර ගනිමින් සිටින බව ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් පැවසිය.

එක රටක් එක නිතියක් සදහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් ඒ බැව් පැවසුවේ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ දි (27) දින හැටන් ප්‍රදේශයේ ජනතාවගේ එම කාර්ය සාධන බලකාය සදහා අදහස් ලබාගැනිමේ අවස්තාවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් මෙසේ පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න පිලිබද යෝජනා අපිට ඉදිරිපත් වුණා.

ඉඩම් ගැටළු , අධ්‍යාපන ගැටළු විශාල වශයෙන් අවධානයට යොමු වුණා.

ජනතාවගේ පොදු අදහස තමයි සංවර්ධන අවස්තාව සියළුම වාර්ගික ජනයාට සමාන ලැබිය යුතුයි කියන එක.

අපේම නිති පද්ධතියක් හදන්න ඕනි , ආනනික නිති පද්ධතියකින් මේ රට හදන්න අපිට බැරිවෙලා තියෙනවා.

විදේශිකයන් ගෙනාව නිති , අණ පනත් ඉවත් කරලා මේ රටේම නිතියක් හදන්න කියලා ජනතාව යොජනා කරනවා.

රජයේ සංවර්ධන අරමුදල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සහ ග්‍රාම නිලධාරි කොට්ඨාශ ජනගහණය අනුව සාධාරණව බෙදෙන්න ඕනි කියලා ජනතාවගෙන් කියවුණා.

අනාගතයේ විශාල අනතුරක පෙර නිමිති අපිට පේනවා , පරිසර සම්පත් ආරක්ෂා කර ගැනිමට දැඩි නිති ඉදිරිපත් කරන ලෙසත් , එම නිති ක්‍රියාත්මක කරන ලෙසත් යෝජනා ඉදිරිපත් වුණා.

අපි පාරම්පරා ගණනක් තිස්සේ අපේ උරුමයන් මතු පරපුර වෙනුවෙන් රැක ගන්න සටන් කරපු ජාතියක්.

නිදහසින් පසු බලයට පත් වුණු රජයන් ජාතික ප්‍රතිපත්ති කෙසේ වෙතත් , පක්ෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහින් රට වැටිලා තියෙන තැන අපි හැමෝටම පේනවා.

ජනතාව ඉල්ලුවේ මේ රටට දේශපාලනයට සම්බන්ධ නොවු නිලධාරියෙක් පාකයා වශයෙන් , ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා එතුමා ඒක පෙන්නුවා , ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති විය යුතුයි කියලා ජනතාවගෙන් තමයි යෝජනාව ආවේ.

කිසිදු නායකයෙක් මේ වගේ එක නිතියක් හදන්න කටයුතු කලේ නැ , කලින් හිටපු පාලකයෝ තිබුණ නිතියෙන්ම තමයි කටයුතු කලේ.

ජනාධිපතිවරයා අනාගත අභිවෘද්ධිය උදෙස් පදනම් සකස් කරමින් ඉන්නවා. ඒවා මහජනතාවට දැන ගන්න ලැබෙනවාද කියලා ගැටළුවක් තියෙනවා.

අපි මේ කතා කරන ජාතික ගැටළු ජනතාවට මේ දවස් වල ගැටළු නොවන්නට පුළුවන් , ජනතාවට මේ දවස්වල තියෙන්නේ බඩ ගැන ප්‍රශ්නයක් , පොහොර නැ , ගැස් නැ  නමුත් අපි උත්සහ දරනවා මේ අරගලය දිගටම සිදු කරන්න.

මේ ජනාධිපතිවරයාට උවමනාව තියෙනවා , එතුමාට මේක කරන්න ශක්තිය තියෙනවා , අධිෂ්ඨානය තියෙනවා.

අපි කරන්න බලාපොරොත්තු වුණ හුගාක් දේවල් වසංගතය නිසා කරන්න බැරි වුණා.

ජනාධිපතිවරයා බලයට ඇවිල්ලා කෙටි කාලයෙන් ලෝකයම වසංගතයකට මුහුණ පැවා.

ලෝකයේ කිසිදු රටකට බැරි වුණා එන්නත් රටේ සියළුම ජනතාවට ලබා දෙන්න , ඒ රටවල් වහනවා අරිනවා , දඩ මුදල් නියම කරන්න සිදු වෙලා තියෙනවා.

ලංකාවේ තුන්වෙනි මාත්‍රාව ලබාදිලා ඉවරයි ,දුෂ්කර අවස්තා තරණය කරලා තියෙනවා.

ජාතික ප්‍රතිපත්ති සැකසිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා.

කන්න බොන්න මොනවා කරන්නත් රට තියෙන්න ඕනි .

ජනාධිපතිවරයා තනි නායකයෙක් , ඒ නිසා අපි සාමුහික වශයෙන් සහයෝගය ලබා දෙන්න ඕනි රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න.

අතිතයේ මිට වඩා දුෂ්කර අවස්තා අපි පහු කරලා තියෙනවා .

උසාවි නඩු පවත්වාගෙන යාම වෙනම කලාවක් , වෛද්‍ය සාෆි නැවත සේවයේ පිහිටු වන්නේ නැ කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා කියලා තියෙනවා.

බෙදෙන්න ගිය රට අද එක්සේසත් වෙලා තියෙනවා , නනාප්‍රකාර නිති නිසා අපි වෙහෙසට පත් වෙලා තියෙනවා.

පුද්ගල නිති , යටත් විජිත පාලකයන් ආනයනය සදහා ගෙනාව නිති  ලෝකයේ කොහේවත් ක්‍රියාත්මක වෙන්නේ නැ , අපි තාම ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

අච්චාරුවක් වුණ නිතිය වෙනස් කරන්න කාලය හරි , ඒනිසා අපේම නිති පද්ධතියක් අපිට අවශ්‍යයි.

මහජනතාව අතරේ මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් තියෙනවා මේක ජනතාව අතරින්ම එන්න ඕනි එතකොට මේක කල හැකි යනුවෙන් පැවසිය.

මෙම අවස්තාවට ජනාධිපති ජෙෂ්ඨ සහකාර ලේකම් ජිවන්ති සේනානායක මහත්මිය , කමිටු සමාජිකයන් වන  මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ , ජෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ විරවර්ධන ,සංජය මාරපන යන අයද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka