gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘වියත්මග රට කනවා..’- පොහොට්ටු මූලස්ථානයේ සිට වියත්මගට ප‍්‍රහාරයක්…

ජනතාවට ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් කරන්නැයි සියලු දෙනා ඉල්ලා සිටින බවත් එය සිදු කළ නොහැකි වුවොත් විපක්ෂ යාමට සූදානම් විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

වියත්මග වැනි සංවිධාන වලින් ආණ්ඩුවට පැමිණ විවිධ තනතුරු ගත් පුද්ගලයන් රටේ විනාශයට උදව් කරමින් සිටින්නේ දැයි සැක මතුවන බව ද ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අදහස් පල කරන ලදී.

“අපි විශ්වාස කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙත් ඒ පළපුරුද්ද සහ රටට තියෙන ආදරයත් එක්ක මේක ගොඩගන්න පුළුවන් කියලා. මම විශ්වාස කරනවා තවමත් එතුමාලා මේ උත්සාහ දරන්නේ ඒකට. හැබැයි ඉතිං අනිත් “මගවල්” වලින් ආපු අය, රැල්ලට ආපු අය තනතුරුවලට ඇවිල්ලා සමහර වෙලාවට රටේ විනාශයට උදව් කරනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒකනෙ සමහරු කියන්නෙ මේක වියත් මග නෙවෙයි කියත් මග කියලා.

හැමෝගෙම ඉල්ලීම තියෙන්නෙ කෙසේ හෝ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ බිම්මට්ටමේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වටපිටාව හදන්න කියලා. ඒක බැරි වුණොත් ඇත්තටම ඉතින් අපට විපක්ෂයට යන්න සූදානම් වෙන්න වෙන්නෙ. සමහර සිද්ධි වලට බලපාන්නෙ කොරෝනාමත් නෙවෙයි”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka