gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද නත්තල් දවසේ මම රන්ජන්ව බලන්න ගියා! රන්ජන්ටත් නත්තල්! ඒත් අද ඔහු ඉන්නෙ වැලිකඩ! මට කිව්වා සමස්ත ජනතාවටම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන්න කියලා!

මගේ හිතාදර මිත්‍රයා ,දයාබර සටන් සගයා රංජන් රාමනායක බලන්නට අද මම වැලිකඩ සිර ගෙදරට ගියා. මොන තරම් දුෂ්කර කටුක අත්දැකීමක් වුණත් ඒ අත්දැකීමට මුහුණ දෙමින් ඉතාමත් ධෛර්ය සම්පන්න ලෙස රන්ජන් ඉන්න බව මේ මොහොතේ මතක් කළ යුතුමයි.

වචනයකින් සිදු වූ වරදක් බරපතල දඬුවමක් ලෙස විඳිමින් රන්ජන් සිරගතව ඉන්නවා.

මේ රටේ මෑත ඉතිහාසය කම්පා කරපු පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නිදැල්ලේ ඉන්නකොට,මේ රටේ ජීවත්වන අහිංසක මනුස්සයගෙ සීනි ටිකෙන් පවා කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරපු වංචාකාරයෝ නිදැල්ලේ ඉන්නකොට,අහිංසක ගොවියට පොහොර වෙනුවට අසූචි ගෙනත් ඒ අසූචි වලටත් කෝටි ප්‍රකෝටි ගණන් වන්දි ගෙවන්න තීන්දු කරපු අය නිදැල්ලේ ඉන්නකොට, රන්ජන් වචනයකින් වෙච්චි වැරැද්දකට හිරගෙදරක් ඇතුලේ වන්දි ගෙවනවා.

අද උතුම් නත්තල් දවස.සාමයේ පණිවිඩය ප්‍රේමයේ වචනවලින් ලෝකයට රැගෙන ආව ශාස්තෘවරයෙකු ගේ උපන්දිනය දවස.

ඇත්තටම රන්ජන් මගෙන් අද ඉල්ලීම් කලා .

රන්ජන් සියලු කිතු බැතිමතුන්ටත්,ලංකාවේ සියලුම ජනතාවටත් සුභ නත්තලක් ප්‍රාර්ථනා කළා.

දෙවැන්න, ඔහුට උසස් අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය ඉඩකඩ තමන් අපේක්ෂාවෙන් ඉන්න බවත් රංජන් සංවේදීව සඳහන් කළා .

ඔහුගේ නිදහස වෙනුවෙන් අරගල කරන සියලු දෙනාට වගේම නිහඬව මේ වෙනුවෙන් සහය දෙන සියලු දෙනාටත් තමන්ගේ කෘතවේදීත්වය පුද කරන බව රංජන් ප්‍රකාශ කළා.

ඇත්තටම රන්ජන්ගෙ නිදහස වෙනුවෙන් අපි 2022 අවුරුද්ද වඩාත් අරගලකාරී ලෙස වෙන් කරනවා.

ඒ මගේ පොරොන්දුව.

එවගේම රංජන් නිදහස් වුනොත්, මගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රංජන්ට පරිත්‍යාග කරන්නත් මම දෙපාරක් නොහිතන බව රංජන්ට පොරොන්දු වුණා.

“යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද වපුරන බව” බයිබලයේ සඳහන්‍ වෙනවා.

අපි මේ රටේ සියලුම සාධාරණත්වය අගයන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

“විනිසුරු” කියන වචනයට රන්ජන් අවුරුදු හතරක සිර දඬුවමකට ලක් වෙලා.

ඒ “මහ වරදට” ඔහුට මෙතරම් සිර දඬුවම් දීම සාධාරණද?.

ඔබ හෘද සාක්ෂියට එකඟව හිතලා බලන්න.

මේ උතුම් නත්තල් දවසේ මම දෙවියන් වහන්සේ ගෙන් ඉල්ලීමක් කරනවා.

“දෙවියන් වහන්ස, මොවුන් නොදැන කළ කරන වරදට සමාව දෙන සේක්වා!”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka