gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාබනික පොහොර ගැටලුව: ජනපති හදිසිවෙලා වරද්දාගත් හැටි ඇමති ගොඩහේවා කියයි

සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අනුව වසර දහයකින් නිම කරන්නට තිබුණු කාබනික පොහොර ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ වසර 5ක ධූර කාලය තුළ ම නිම කරන්නට යාමෙන් "වැරදි ගොඩක් කරගත්තා" යැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, නිසි සැලසුමකින් යුතුව වසර 30කින් නිම කරන්නට නියමිතව තිබූ මෙරට මහවැලි ව්‍යාපෘතිය වසර 6කින් නිම කරන්නට හැකි වූවා සේ ම මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය ද සැලසුම් සහගතව කඩිනමින් නිම කරන්නට හැකිව තිබූ බව ය.

එහෙත් එම ව්‍යාපෘතිය වහා ම ක්‍රියාත්මක කිරීම සඳහා රසායනික පොහොර ආනයනය තහනම් කර ගැසට් පත්‍ර නිකුත් කිරීමෙන් මෙම ව්‍යාපෘතිය "වරද්දා ගත්තා" යැයි ඔහු පැවසී ය‍. 

ඔහු මේ බව සඳහන් කළේ, බියගම පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රසායනික පොහොර ආනයනය නවත්වා හදිසියේ ගැසට් පත්‍ර නිකුත් කළ ද ඒවායේ බොහෝ වැරදි තිබුණු බව ය.

එලෙස ගැසට් පත්‍ර නිකුත් කිරීමට "ජනාධිපතිවරයා කීවා යැයි තමා නොසිතන අතර නිලධාරීන් මේවා හොයලා බලලා කටයුතු නොකළ බව" ඔහු පැවසී ය.

එබැවින් "එය විහින් කරගත්ත වරදක්, ඒක පිළිගන්නට වෙනවා" යැයි ඔහු පැවසී ය.

ප‍්‍රමාද වී හෝ එය නිවැරදි කර ගැනීම සුදුසු යැයි පැවසූ ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, වරද සාදා ගන්නවා යන්නෙන් කාබනික පොහොර ව්‍යාපෘතිය වෙනස් වී ඇතැයි අදහස් නොවන බව ය.

"මම හිතනවා ඒක අපි විහින් කරගත්ත වරදක්. ඒක අපිට පිළිගන්නට වෙනවා. ප‍්‍රමාද වෙලා හරි ඒක නිවැරදි කරගෙන ඉන්න එක හොඳ තත්වයක්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි ප‍්‍රතිපත්ති වෙනස් වෙලා කියලා. ප‍්‍රතිපත්ති වෙනස් වෙන්න බැහැ. ඒ නිසා දැන්වත් අපි හරි වැඩපිළිවෙලක් හදාගෙන නිසි ක‍්‍රමවේදයකට එම කාර්යය කරන්න ඕනේ ගොවියා මත, ජනතාව මත බරක් පටවන්නේ නැතිව. අපේ අපනයන් කඩා බිඳ දමන්නේ නැතිව, අපේ කෘෂිකර්මාන්තය බිඳ දමන්නේ නැතිව. ඒක කරන්න පුළුවන්. මොක ද කාබනික පොහොර එනවා ත් සමග ම කාබනික පොහොර තනියෙන් ඇවිල්ලා බැහැ. ඒක ත් සමග තාක්ෂණය, උපකරණ, යන්ත්‍රෝපකරණ, දැනුම එන්න ඕනේ. කරන්න බැරි වැඩක් නෙමෙයි."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka