gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කසිකබල් නැවකින් ගෙන්වූ ප්‍රමිතියක් නැති තෙල් දෙන්න හදනවා…

මෙරට බලාගාරවලට එල්. එන්. ජී. ඉන්ධන අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්නේ ඇමරිකානු නිව් ෆොට්‍රස් එනර්ජි සමාගම නොව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පැවසුවේය.

රටට මෙයින් සිදුවන අගතිය පිළිබදව තීන්දු කිරීමට උසාවියට හැකියාව තිබෙන බවත් විෂය පිළිබදව මැනවින් දන්නා විදුලි ඉංජිනේරුවන් ලෙස තාක්ෂණික වශයෙන් මෙම සමාගමේ කාර්යභාරය රටට ගැළපෙනවා දැයි තීරණය කරන්නේ ඉංජිනේරුවන් පමණක් බව මෙම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පැවසුවේය.

ඇමරිකානු සමාගමේ අවශ්‍යතාවය පරිදි ඉන්ධන ලබාගැනීමට කිසිසේත්ම ඉංජිනේරුවන් ඉඩ නොතබන බවත් ඔවුන්ගේ මිල සූත්‍රයට අනුව ඉන්ධන ලබාගන්නට එකඟ නොවන බව කළ විමසුමකදී හෙතෙම පෙන්වා දුන්නේය. එල්. එන්. ජී. ඉන්ධන ලබාගැනීමට නැවත වරක් ටෙන්ඩරයක් කැඳවිය යුතු බව ඔහු කියා සිටියේය.

සෞම්‍ය කුමාරවඩු පැවසුවේ මෙම සමාගම සූදානම් වන්නේ කසිකබල් ඉන්ධන නැවක් මෙරටට ගෙන්වා කිසිදු ප්‍රමිතියකින් තොරව ඉන්ධන ලබාදීමට බවය. කොපමණ ඉන්ධන ධාරිතාවයක් අවශ්‍යද යන්න මින් පෙර ඉදිරිපත් කළ ඇති ටෙන්ඩරයේ පැහැදිලිවම දක්වා ඇති බව හෙතම පැවසුවේය.

මෙම යුගදනවි ගිවිසුමට අනුව රජය කටයුතු කළහොත් රටට සිදුවන විනාශය පිළිබදව තම සංගමය දැනටමත් අනතුරු ඇඟවීම් සිදු කළ ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

– aruna

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka