gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උපාධිධාරීන් 51,000ක් ජනවාරියේ ස්ථිර කිරීමට තීන්දු කරලා

අභ්‍යාසලාභීන් උපාධිධාරීන් ලෙස බඳවාගත් 51,000කට රජයේ ස්ථීර පත්වීම් ලබාදීම 2022 ජනවාරි 03 සිට සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.

මේ අනුව වසරක පුහුණුව සම්පූර්ණ කළ 42,500ක පමණ පිරිස එදින සිට ස්ථීර කෙරෙන අතර 2021 පෙබරවාරි සහ මාර්තු මාසවල පුහුණුව සඳහා බඳවා ගත් සෙසු පිරිස් වසරක පුහුණු කාලය සම්පූර්ණ වීමෙන් පසු 2022 අප්‍රේල් 1 වැනිදා සිට ස්ථිර කිරීමට නියමිත බව පැවසේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් මත 2020 වසරේ බඳවා ගත් උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් ස්ථිර පදනමින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම යටතේ ලබා දුන් සම්පූර්ණ පත්වීම් සංඛ්‍යාව 58,116 කි.

මේ අතර රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා දෙසැම්බර් 15 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ සේවා ස්ථාන, සංශෝධන, ස්ථාන මාරු පළාත් අතර මාරුවීම් සඳහා වන ඉල්ලීම් ඉටු කළ නොහැකි බවයි.

පත්වීම් ලබාදීමේදී ක්‍රියාවලියට බාධා කිරීම එම අභ්‍යාසලාභීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට හේතු වන බවටද රාජ්‍ය නිලධාරීන්ට එම ලිපිය මඟින් අවධාරණය කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka