gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මීලඟ පොදු අපේක්ෂක වෙන්න හදන අය ගැන තොරතුරු එළියට! නම් ලැයිස්තුව මෙන්න!

‘පොදු අපේක්ෂක’ යන වදන මේවන විට ශ්‍රී ලංකාවට අලුත් වචනයක් නොවෙයි. මීළඟ ජනාධිපතිවරණයේ දී ද ‘පොදු අපේක්ෂක’ වදන නිතැතින්ම ඇසෙනු ඇති බවට මේවන විටත් ඉඟි පළ වෙමින් තිබෙනවා.

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ මීලඟ ජනාධිපතිවරණයට යම් කාලයක් තිබියදීම මීලඟ පොදු අපේක්ෂකයා වීමට කිහිපදෙනෙකුම දැන් දැන්ම සූදානම් වෙමින් සිටීම යි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම ගණන 10කට වඩා වැඩි බව යි.

සජබ ඇතුලේ පොදු අපේක්ෂකයෝ රැළක්

එක පක්ෂයකින් ඉදිරිපත් විය හැකි අපේක්ෂකයින් ගණන 01ක් වුවත්, මීලඟ පොදු අපේක්ෂකයා වීමට සිහින මවන පිරිසෙන් කිහිප දෙනෙකුම සමගි ජන බලවේගය තුළ සිටින බව ඉහත කී ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඉන් පළමුවැන්නා සමගි ජන බලවේගයේ නායක මෙන්ම විපක්ෂ නායක ද වන සජිත් ප්‍රේමදාස මහතා යි.

තමා මීලඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවට ඔහු මේවන විටත් පවසා තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී ද ඔහු ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකු වූවා.

සීතල යුද්ධයක්

මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රබලතම සාමාජිකයින් දෙදෙනෙකු ද මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැළසුම් සකස් කරමින් සිටින බව පැවසෙනවා.

මින් පළමුවැන්නා මීට පෙර ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී පරාජයට පත් වූ අයෙක්.

දෙවැන්නා මේවන විටත් 2025 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සංවිධාන ගොඩ නගාගෙන ඇති බව සඳහන්.

එකම පක්ෂයක් තුළ සිටින මේ දෙදෙනා අතර මේවන විටත් සීතල යුද්ධයක් හටගන ඇතැයි පුවත් වාර්තා ද පෙන්වා දෙනවා.

එමෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහමැතිවරණයකට ඉදිරිපත් වී ජය ලැබූ සුළු පක්ෂයක මන්ත්‍රීවරයෙකු ද මීලඟ පොදු අපේක්ෂකයා වීමේ අපේක්ෂාව සිතෙහි තබාගෙන සිටින බව යි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

පක්ෂය අතහැරි හිටපු ඇමති

මේ අතර පසුගිය දා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණු හිටපු අමාත්‍යවරයෙකු ද වන අර්ජුන රණතුංග මහතාගේ ඉදිරි දේශපාලන මාර්ගය පිළිබඳ මේවන විට මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

එවන් පසුබිමක මාධ්‍ය හමුවක් අතරතුර දී රණතුංග මහතා සිදු කළ ප්‍රකාශයක් ආන්දෝලනයකට තුඩු දෙනු ලැබුවා.

තමන් හට ආරාධනාවක් ලදහොත් මීලග ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බවට යි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව අර්ජුන රණතුංග මහතා ද පොදු අපේක්ෂක බලාපොරොත්තුවක සිටින බව පැහැදිළි කරුණක්.

චන්ද්‍රිකාගේ සහය පතන දෙදෙනා

දේශපාලන කරළියේ තවත් දෙදෙනෙකු හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහයෝගය ද ඇතිව පොදු අපේක්ෂක ලෙස මීලඟ ජනාධිපතිවරණයට තරග වැදීමේ අපේක්ෂාවක පසුවන බව වාර්තා වෙනවා.

ඔවුන් දෙදෙනා අතර ද මේවන විට ගැටුම් ආරම්භ වී ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිතම සාමාජිකයා තමන් බව මෙම දෙදෙනාගෙන් එක් අයෙකු පවසන බව යි වාර්තා වන්නේ.

එබැවින් හිටපු ජනාධිපතිනියගේ සහය තමන් හට ලැබිය යුතු බව ද ඔහු පවසා තිබෙනවා.

පොහොට්ටුවේ කෙනෙකුත්

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අයෙකු ද ජනපතිවරණ සිහිනයෙහි සිටින බව වාර්තා වනවා.

ඔහු මේවන විට ආණ්ඩුවේ මතවාද සමග ගැටෙමින් සිටින අයෙකු බව සඳහන්.

ආණ්ඩුවෙන් ඉවත්ව වෙනත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට සැළසුම් කරන මොහු, ඒ හරහා පොදු අපේක්ෂකයා බවට පත්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට යි අපේක්ෂා කරන්නේ.

මාලිමාවත් පොදු අපේක්ෂකයෙකුට

මෙම පුද්ගලයින්ට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ඇති.

ඔවුන් ද මෙවර පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැළසුම් කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ප්‍රකට ව්‍යාපාරිකයා

මේ අතර පක්ෂ දේශපාලනයට ඍජුව සම්බන්ධ නොවූ පුද්ගලයෙකුගේ නම ද මේවන විට මීලඟ ජනාධිපතිවරණය සමග ඈඳී තිබෙනවා.

ඒ මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයෙකුවන ධම්මික පෙරේරා මහතා යි.

ඔහු ද 2024 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවට මාධ්‍ය වාර්තා ද පළ වූවා.

පසුගිය 2019 ජනාධිපතිවරණයේ දී ද ධම්මික පෙරේරා මහතා පොදු අපේක්ෂකත්වය බලාපොරොත්තු වූ බව පැවසුණා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඔහුට පොදු අපේක්ෂකත්වය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබූ බවට ද වාර්තා පළ වූවා.
-asianmirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka