gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීනෙ තරහා කර ගන්නවට වඩා ඩොලර් මිලියන 06 ක් ගෙවන එක ලාභයි - ජොනී

ශ්‍රී ලංකාව අර්බුදවලට මුහුණ දුන් සෑම අවස්ථාවකදීම රට බේරා ගැනීමට ඉදිරිපත් වූයේ චීනය බවත්, එබැවින් ඇමරිකානු ඩොලර් මිලියන 06 ක් වැනි සුළු මුදලදට චීනය තරහ කර ගැනීම අවාසිදායක බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා. එබැවින් ප්‍රතික්ෂේප වූ පොහොර නැවට ඩොලර් මිලියන 06 ක් වන්දි ලෙස ගෙවීම ඉතා වාසිදායක බවද ඇමතිවරයා සඳහන් කරනවා.

අශූචි නැවකට ඩොලර් මිලියන 06 ක් ගෙවනවා යැයි චෝදනා එල්ල වන නමුත් සැබෑ අර්බුදය ඊට වඩා සංකීර්ණ බවත්, විදෙස් රටවල් සමග, විදෙස් සමාගම් සමග ගනුදෙනු කිරීමේදී මෙවැනි යම් යම් අවාසිදායක තත්වයන් නිර්මාණය වන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා. එවැනි අවස්ථාවලදී ශ්‍රී ලංකාවට අතිශය මිත්‍රශීලී චීනය තරහ කර ගැනීම කිසිසේත්ම සුදුසු නොවන බවද ඔහු පෙන්වා දෙනවා.

මුලින්ම ඔවුන් ඉල්ලා සිටින වන්දිය ලබා දී ඉන් අනතුරුව, දෙපාර්ශ්වය එකඟ වී ඇති ගිවිසුම් අනුව කටයුතු කළහැකි බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බලන බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.

අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka