Water Board දැඩි මුල්‍ය අර්බුදයක.. පියවාගන්න දේපල විකුණයි
පාරිභෝගිකයන් විසින් රුපියල් කෝටි 700 ක පමණ හිග බිල්පත් මුදලක් මුදල් ගෙවිය යුතුය ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. එහි සභාපති නිශාන්ත රණතුංග මහතා පෙන්වා දෙන්නේ විදුලි බිල සහ ක්ලෝරින් මිල ඉහළ යාම හේතුවෙන් මන්ඩලයේ දෛනික වියදම ඉහළ ගොස් ඇති බවයි.
මේ තත්ත්වය මත මන්ඩලය සතුන් දැනට ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් විකුණා හෝ ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
කොරෝනා ව්‍යාප්තියත් සමග ජනතාවගේ ආදායම් මාර්ග අයව අවහිර වීම නිසා යම් යම් සහන ජල පාරිභෝගිකයන්ට ලබා දීමට හේතුවෙන් මෙම මූල්‍ය අර්බුද ඇති වී තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.
පේරාදෙණියදී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.
Water Board දැඩි මුල්‍ය අර්බුදයක.. පියවාගන්න දේපල විකුණයි
2021-11-22T13:44:00+05:30
Gossip Lanka Hot News






