කරන්නාගොඩ නිදහස් කර ඇත්තේ රහස් වාර්තාවක් පදනම් කරගෙන... රහස් වාර්තාව වහාම උසාවියට ඉදිරිපත් කරන්න නියෝග!
හිටපු නාවික හමුදාපති අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා තීරණය කරනු ලැබුවේ, ඔහු සම්බන්ධයෙන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු ඉදිරිපත් කර තිබූ රහස්‍ය වාර්තාවක් පදනම් කර ගෙන යැයි, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.
අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේ, අදාළ රහස්‍ය වාර්තාව වහා ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවෙන් 14 වන විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපතිවරයා පසුගිය දා පියවර ගත්තේ ය.
එය අභියෝගයට ලක් කරමින් අතුරුදන්වූ තරුණයින්ගේ ඥාතීන් පිරිසක් ගොනු කර තිබු රීට් ආඥා පෙත්සම අද දින කැඳවු අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.
කරන්නාගොඩ නිදහස් කර ඇත්තේ රහස් වාර්තාවක් පදනම් කරගෙන... රහස් වාර්තාව වහාම උසාවියට ඉදිරිපත් කරන්න නියෝග!
2021-11-02T19:28:00+05:30
Gossip Lanka Hot News






