gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සෙලාන් බැංකුව, මර්චන්ට් හා අයිඩියල් UN නීතිත් කඩලා දඩකයි!

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කළ යෝජනා යටතේ කටයුතු කිරීමට අපොහොසත්වීම හේතුවෙන් වාණිජ බැංකුවක් වන සෙලාන් බෑන්ක් පී.එල්.සී, මූල්‍ය සමාගම් වන පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පිඑල්සී සහ අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ් සඳහා දඬ පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

සම්බාධක පැනවිය යුතු බවට නම් කරන ලද පුද්ගලයන් හෝ ආයතනවල ලයිස්තුවක් මෙම මුල්‍ය ආයතන මගින් පවත්වාගෙන නොයෑම ඊට හේතුවයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 ජූලි 01 සිට 2021 සැප්තැම්බර් 30 දක්වා කාලයේ එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 2.0 කි.

දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත.

නම් කරන ලද පුද්ගලයන්ගේ හා ආයතනවල ලැයිස්තුවක් යාවත්කාලීන වන අවස්ථාවකදී, එම නම් කරන ලද ආයතන හෝ පුද්ගලයන් සමග ව්‍යාපාර සම්බන්ධතා නොපවත්වන බවට සහතික වීම සඳහා, තම ආයතනයේ පවත්නා ගනුදෙනුකාර පදනම හෝ පවතින ව්‍යාපාරික සම්බන්ධතා පිරික්සීමට අවශ්‍ය කිසිදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම මත සෙලාන් බැංකුවට රුපියල් ලක්ෂ 10ක්, අයිඩියල් ෆිනෑන්ස් වෙත ලක්ෂ 05ක් සහ පීපල්ස් මර්චන්ට් වෙත ලක්ෂ 05ක් වශයෙන් මෙලෙස දඩ පනවා තිබේ.

අයිඩියල් - සභාපති වෙල්ගම | උපසභාපති අරවින්ද

අයිඩියල් ෆිනෑන්ස්, ආයතනයේ සභාපති ධූරය දරන්නේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන නලින් ජේ. වෙල්ගම මහතා වන අතර එහි නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අරවින් ද සිල්වා මහතාය.

පීපල්ස් මර්චන්ට් හි සභාපති ලෙස චන්දුල අබේවික්‍රම මහතා කටයුතු කරණ අතර එහි සෙසු අධ්‍යක්ෂවරුන් ලෙස රංගන මධුසංඛ, චන්න මනෝහර, ට්‍රෙවිස් වාස් හා රංජිත් කොඩිතුවක්කු කටයුතු කරනු ලබයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka