gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලරුත් නෑ... බඩුත් නෑ... ගම්මන්පිලගෙන් අමුතු කතාවක්!

විදේශ විනිමය අර්බුදය විසෙඳන තුරු අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා රජය දීර්ඝ කාලීන විසඳුම් සොයන බවත් කෙටිකාලීන විදේශ ණය ලබාගෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසන්නට සිදු වුයේ කොමිස් වලට ඉන්ධන ලබා ගත් නිසා බවට විපක්ෂ නායකවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන්නේ යැයිද කී අමාත්‍යවරයා අඩු මිලට ඉන්ධන ලබා දෙන සැපයුම්කරුවෙකු සිටින්නේ නම් ඉදිරිපත් කරන්නැයි ආරාධනා කරන බවද කීය.

එවැන්නෙකු ඉදිරිපත් කරන්නේ නම් ඔහුගෙන් ඉන්ධන ලබා ගැනීමට සූදානම් බවත් එසේ නැතිනම් විපක්ෂ නායකවරයා බොරු කීම ගැන ජාතියෙන් සමාව යුතු ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කරන ලදී.

අද වන විට ගෑස් ඇතුළු යම් යම් ආනයන භාණ්ඩවල හිගයක් ඇතිව තිබෙන්නේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ යාමෙන් යැයිද කී අමාත්‍යවරයා සංචාරක ව්‍යාපාරයෙන් හා විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන ආදායම අඩුවීම මත ආනයන සීමා කරන්නට වී ඇතැයිද පැවසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka