මැරිච්ච කෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්... පොලිසිය ඇතුළේ පාන්දර 3.30ට කමිසයෙන් බෙල්ලෙ වැළ දාගෙන - ඇමැති සරත් පාර්ලිමේන්තුවට කියයි (VIDEO)
පනාමුරේ ප්‍රදේශයේ මියගිය පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත්, ඔහුට එරෙහිව බිරිය සහ දියණිය විසින් පොලිසියට පැමිණිලි කොට තිබූ බවත් මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවට කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එම පැමිණිලි මත ඊයේ රාත්‍රී 10.30ට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත්, පාන්දර 3.30ට පමණ මෙම පුද්ගලයා සිය කමිසයෙන් සිරමැදිරියේදී ගෙලවැළලාගෙන ඇති බවත්, පසුව පොලිස් නිලධාරීන් දැක ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගැනීමේදී හෙතෙම මියගොස් ඇති බවත්ය.
ඒ අනුව උද්ඝෝෂණය හා මෙම පුද්ගලයා මියයාම අතර සම්බන්ධයක් නොමැති බවද ඒ මහතා කීය.
මැරිච්ච කෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්... පොලිසිය ඇතුළේ පාන්දර 3.30ට කමිසයෙන් බෙල්ලෙ වැළ දාගෙන - ඇමැති සරත් පාර්ලිමේන්තුවට කියයි (VIDEO)
2021-11-17T13:35:00+05:30
Gossip Lanka Hot News