gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

IMF ගියොත් ඩොලරය රුපියල් 240 ට තියාගන්න පුළුවන් වෙයි, නැතොත් 300 ට යයි - රනිල්

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ද ණය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම අනෙකුත් මූල්‍ය ආයතන වලින් ණය ගැනීම සඳහා සහතිකයක් වශයෙන් සැලකිය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. 

විශේෂයෙන්ම ලබන වසරේ මැද වනවිට ඩොලර් බිලියන 6ක පමණ ණය මුදලක් ගෙවීමට ඇති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැති බව සඳහන් කර ඇති ඒ මහතා ලෝකයත් ශ්‍රී ලංකාවත් මේ මොහොතේ මුහුණ පා සිටින අර්බුදකාරී තත්වය තුළ සේවකයින් රැකියාවලින් ඉවත්කිරීම වැනි කොන්දේසි IMF විසින් මේ මොහොතේ නොපනවනු ඇති බවත් පෙන්වා දී ඇත. 

එමෙන්ම IMF සමග එකඟතාවකට පැමිණියහොත් ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 240ක පමණ සීමාවක තබාගත හැකිවනු ඇති වුවත් එසේ නොකළහොත් ඩොලරයේ අගය රුපියල් 300ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. 

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයෙහි ජ්‍යේෂ්ඨයින් සමග ඊයේ (25) අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka