ඔමික්‍රොන් කොරෝනා ප්‍රබේදය මේ වනවිටත් ලංකාවට පැමිණ ඇති බවත්, එසේ වී ඇත්නම් ලංකාව බරපතළ අවදානමක පවතින බවත් ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායකයකු මෙන්ම උපදේශකවරයකුද වන ආචාරය් සංජේ පෙරේරා මහතා කීය.
ඒ අනුව ඉකුත් දින 14ක කාලය තුළ ලංකාවට පැමිණි සංචාරකයන් පරීක්ෂා කිරීමෙන් පළක් නොමැති බව ඒ මහතා කිය.
හරි නම් මාසයකට පෙර හෝ ලංකාවට පැමිණි අය පවා නිරෝධායනය කළ යුුුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ අවස්ථාවේදී වහාම දේශ සීමා වසා දැමීම එකම විකල්පය බවද ආචාර්යවරයා පෙන්වා දුන්නේය.
