gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නැති ප්‍රශ්න කරේ දා ගන්නේ නැතිව මුතුරාජවෙල අලුත් ගැසට් එක රිවර්ස් කරනු – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

වනජීවී හා වන සංරක්ෂණ කලාපයක් ලෙස මුතුරාජවෙල රක්ෂිතයේ ගැසට් කර ඇති හෙක්ටයාර් 1,447 ආරක්ෂා කර ගැනීමේ කටයුතු ඒ අයුරින්ම ඉටු කර ගනිමින් ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ ගැටලු ඇති නොකර ඉදිරිපත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා ලෙස ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අද (08) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ ය.

මේ නව අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් ජනතාව තුළ ඇති වී තිබෙන කුතහලය නිසා එම ප්‍රදේශය නියෝජනය කරන දේශපාලඥයකු විදියට මටත් විශාල ප්‍රශ්නයක්. දැන් වනජීවී හා වන සංරක්ෂණ කලාප ලෙස කිව්ව විදියට හෙක්ටයාර් 1,447 ක් ගැසට් කරල තියෙනවා. මේ ගැසට් කරලා තිබෙන 1,447 තුළ නීති විරෝධී වැඩ වෙනවා කියන එක කාදිනල් හිමිපාණන් සහ සියලුම සමාජයේ පරිසරය පිළිබඳව කථා කරන අය කියනවා. ඒ නිසා එම නිතී විරෝධී කටයුතු නැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි.

දැන් අලුත් ගැසට් එකේ හෙක්ටයාර් 4,400 ක් වැඩි කරලා, හෙක්ටයාර් 5,800 ක් පවරා ගැනීමට දාලා තියෙනවා. මේක තමයි අද සමාජයේ ඇති ප්‍රධාන ප්‍රශ්නය. ඊයේ සියලු දේවස්ථානවල මේ පිළිබඳව කථා කළා. ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට නැති ප්‍රශ්න දාගන්නේ නැතුව, මේ දාපු ගැසට් එක ඉවත් කර ගමු.

අපි වන සංරක්ෂණය කරන්න ඕන නම්, වනය ආරක්ෂා කරන්න ඕන නම්, අභයභූමී ආරක්ෂා කරන්න ඕන නම් ඒ ප්‍රමාණය විතරක් ගැසට් ගහලා කරන්න කියලා ඉතාමත් කරුණාවෙන් මම ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා. අද වන විට ජනතාව විශාල කුතුහලයකට පත් වෙලා තියෙනවා. අවුරුදු 150 – 200 හිටපු පල්ලි, පන්සල්, ගෙවල් ඔක්කොම ඉඩම් මේ මගින් යනවා.

ඒ නිසා කළ යුත්තේ නැවත මිනින්දෝරුවරන් දාල වෙන් කිරීම නොවෙයි, 1998 දී හෙක්ටයාර් 1,447ක් හඳුනා ගෙන තියෙනවා. මේවා ගැසට් කරලා තියෙනවා. ඒ ගැසට් කර ඇති ප්‍රමාණයවත් ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙළක් හදන්න කියන එක මම ඉල්ලා සිටිනවා යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා වැඩිදුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka