gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහජන මන්ත‍්‍රණ සභාවෙන් ආණ්ඩුව දෙදරයි… බලය පවත්වාගෙන යන්න විපක්‍ෂයේ සහාය ඉල්ලයි.. ප‍්‍රබලයෙක් ඩීල් එකක!

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මත ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්‍ෂ මැති ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් පාලන බලය පවත්වාගෙන යැමට අවශ්‍ය සහය ලබාගැනීමට ප‍්‍රබල ඇමැතිවරයකු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු සමග රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇත.

එම ප‍්‍රබල ඇමැතිවරයා පසුගිය දිනෙක විපක්‍ෂයේ අදාළ ජ්‍යෙෂ්ඨයා හමුවී ඒ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී අදාළ ඇමැතිවරයා දීර්ඝ ලෙස කරුණු දක්වා තිබේ.

කෙසේ වෙතත්, විපක්‍ෂයේ එම ජ්‍යෙෂ්ඨයා ආණ්ඩු බලය පවත්වාගෙන යෑමට සහය ලබාදීම සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වත්මන් ආණ්ඩුවට තවත් වසර කිහිපයක්ම පාලනය බලය පවත්වාගෙන යෑමට අවශ්‍ය වන බැවින් අදාළ ඇමැතිවරයා මෙලෙස විපක්‍ෂයේ සහය අපේෂා කර තිබේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව එකඟතාවයකින් තොරවම අවසන් වී ඇතැයි ද ඉහත දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

අකිත පෙරේර
– divaina


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka