සජබ උද්ඝෝෂණය මැද්දේ මෛත්‍රීපාල විපක්ෂයට දුන් සිග්නල් එක මොකද්ද?
ආණ්ඩුව පොලිසිය යොදා ඊයේ පැවැති උද්ඝෝෂණ වැළැක්වීමට පියවර ගැනීමට එරෙහිව අද පාර්ලිමේන්තුවේ පැවැති සමගි ජන බලවේගයේ විරෝධය අතරතුරදී ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කිසියම් සංඥාවක් විපක්ෂයට දෙන ආකාරයක් දැක ගත හැකි විය.
එහිදී සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන හිදිමින් අත්පොළසන් ලබා දීම විශේෂ සිදුවීමක් විය.
මේ බව සිය කතාවේදී මතු කරලිමටද මද්දුමබණ්ඩාර මහතා පියවර ගත්තේය.
සජබ උද්ඝෝෂණය මැද්දේ මෛත්‍රීපාල විපක්ෂයට දුන් සිග්නල් එක මොකද්ද?
2021-11-18T09:25:00+05:30
Gossip Lanka Hot News






