නාය යෑමේ තර්ජන ඇති මාර්ග වහාම පරීක්ෂා කරන්න – ඇමති ජොන්ස්ටන්
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල නාය යෑමේ තර්ජනයක් ඇති මහාමාර්ග හා මාර්ග පිළිබද විධිමත් පරික්ෂණ හා නිරීක්ෂණ සිදු කරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර් ප්‍රේමසිරි මහතාට, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ මහතාට හා අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතාට උපදෙස් ලබා දෙන ලදී.
සමහර මාර්ග ඉදි කර වසර ගණනාවක් ගතවී ඇතත් මෙසේ නාය යෑමේ තර්ජන ඇති ප්‍රදේශවල ඇති මාර්ග පිලිබද නිසි අධ්‍යනයක් කර නැති බවට තොරතුරු තමා වෙත ලැබී ඇති බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්,ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා විශේෂඥයින් යොදවාගෙන මෙම මාර්ග පිළිබදව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
නාය යෑමේ තර්ජන ඇති මාර්ග වහාම පරීක්ෂා කරන්න – ඇමති ජොන්ස්ටන්
2021-11-18T14:20:00+05:30
Gossip Lanka Hot News






