gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයවැය අස්සේ බැඩ්මින්ටන් ගහන්න ස්පාඤ්ඤයට යන්න හදන ආණ්ඩුවේ මන්ත්‍රී!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක් සඳහා පළමු වතාවට සහභාගී වීමට සුදුසුකම් ලබා ඇති බව දැනගන්නට ඇත.

ඒ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතාය.

ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සඳහා මෙසේ මන්ත්‍රීවරයෙක් සහභාගී වන්නේ ඉතිහාසයේ පළමු වතාවටය.

මෙම තරගාවලිය හෙට (25 වැනිදා) සිට ලබන මස 05 වැනිදා දක්වා ස්පාඤ්ඤයේ සෙවිල් නගරයේදී පැවැත්වීමට නියමිතය.

කඩවත මහා බෝධි විද්‍යාලයේ හා කඩවත මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සහන්, 2019 ගම්පහ දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරගාවලියෙන් ශූරතාවයත්, අවුරුදු 40 ට වැඩි ඉසව්වෙන් ගම්පහ දිස්ත්‍රික් ශුරතාවයත්, සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේ අනුශූරතාවත් සහ 2021 නුවරඑළියේ පැවති සමස්ත ලංකා තරගාවලියේ ශූරතාවත් දිනා තිබේ.
මීට අමතරව හෙතෙම, 2018, 2019 වර්ෂවල සමස්ත ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති වශයෙන්ද කටයුතු කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka