ජනාධිපති සභාපතිලා දෙන්නෙක් රැස්වීමෙන් පන්නා දමයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවක දී පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් දෙදෙනකු එම රැස්වීමෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
මෙරට ගොවිතැනට අවශ්‍ය පොහොර ප‍්‍රමාණය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් දෙදෙනා සතුව එම තොරතුරු නැති වීම හේතුවෙන් ජනාධිපතිවරයා ඔවුන් සභාවෙන් ඉවත් කරන ලදී.
සභාවෙන් පිටව ගොස් අදාළ තොරතුරු විමසා දැන ගෙන එන්නැයි ජනාධිපතිවරයා ඔවුනට දැන්වී ය.
එසේ දැන්වීමෙන් පසු සභාවේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටි ඔවුන් සභාවෙන් නැගිට යනු දක්නට ලැබිණි.
ජනාධිපති සභාපතිලා දෙන්නෙක් රැස්වීමෙන් පන්නා දමයි
2021-11-23T07:37:00+05:30
Gossip Lanka Hot News






