කොළඹ සරසවි ඇදුරෝ කුලපති මුරුත්තෙට්ටුවේ හිමිට එරෙහිව එළියට බහියි - දොස්තරවරුන්ගෙනුත් ජනපතිට ලියුමක්!
කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත්වීමට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාල සරසවි ඇදුරන්ගේ සංගමය සිය විරෝධය පළකිරීම ආරම්භ කොට ඇත.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔවුන් කියා සිටියේ ජනාධිපතිවරයා මෙම පත්කිරීම සාධාරණීකරණය කරමින් ආණ්ඩුවට උපකාර කළ හේතුවෙන් මෙම පත්කිරීම සිදුකළ බවත්, එය භයානක තත්ත්වයක් බවත්ය.
කුලපති ධූරය යනු සම්ප්‍රදානුකූල පත්වීමක් බවත්, මෙවර එය පළමු වතාවට දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත්ය.
සරසවි ඇදුරු සංගමයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් මෙම පත්වීම පිළිබදව නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කොට ඇත.
කොළඹ සරසවි ඇදුරෝ කුලපති මුරුත්තෙට්ටුවේ හිමිට එරෙහිව එළියට බහියි - දොස්තරවරුන්ගෙනුත් ජනපතිට ලියුමක්!
2021-11-10T12:12:00+05:30
Gossip Lanka Hot News






