අයවැයත් එක්ක ඇමැති මාරුවක් - ආණ්ඩුවේ ලොක්කන් රැසකගේ මුල් පුටු අහිමිවෙයි
ලඟදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණවීමත් සමඟ පසුගිය කාලයේ කැබිනට් සංශෝධනවලදී වෙනස් නොකළ අමාත්‍යංශවල කාර්යසාධනය සලකා බලා මෙම වෙනස්කම සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට තිබෙනවා.
ඒ සමගම රාජ්‍ය සංස්ථා මණ්ඩල 30කට ආසන්න ගණනක මුල් පුටුද වෙනස් කෙරෙනු ඇතැයි සඳහන්.
දැනටමත් මීට අදාළව මූලික විමර්ශන වගකිවයුතු අංශ විසින් නිමකර ඇති බවත් වාර්තා වනවා.
අයවැයත් එක්ක ඇමැති මාරුවක් - ආණ්ඩුවේ ලොක්කන් රැසකගේ මුල් පුටු අහිමිවෙයි
2021-11-08T09:48:00+05:30
Gossip Lanka Hot News






