බෝම්බයක් සේ අස්වන්න දෙන නයිට්‍රො රජා අසාර්ථකයි… ගොයම නොවැඩේ.. කුඹුරු දෙකේ වෙනස මෙන්න..
‘නයිට්‍රො රජා’ දියර පොහොර භාවිතය අසාර්ථක බව එම පොහොර සහ සාමාන්‍ය යූරියා භාවිතා කළ ගොවි මහතකු හෙළිකරයි. කන්තලේ ප්‍රදේශයේ ගොවි මහතෙකු තම කුඹුරේ කොටසකට නයිට්‍රො රජා සහ අනික් කොටසකට සාමාන්‍ය යූරියා භාවිත කර තිබේ.
නයිට්‍රො රජා භාවිතා කළ කොටසේ ගොයම් ගස් කහ පහයට හැරී ඇති අතර වර්ධනය ද ඉතා අවම මට්ටමක ඇත.
සාමාන්‍ය යූරියා භාවිත වන කොටසෙහි ගොයම සරුවට වැඩී සාමාන්‍ය පරිදි වර්ධනය සිදු වෙමින් ඇත.
නයිට්‍රො රජා යොදන ලද දින 45ක් ගොයම් ගස් පෙන්වන්නේ දින තුනක මට්ටමේ වර්ධනයක් යයිද ඔහු කියා සිටියේය.
නයිට්‍රො රජා යෙදු පසු බෝම්බයක් ගැසූ සේ අස්වන්න එන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු මෑතකදී කියා සිටියේය.
බෝම්බයක් සේ අස්වන්න දෙන නයිට්‍රො රජා අසාර්ථකයි… ගොයම නොවැඩේ.. කුඹුරු දෙකේ වෙනස මෙන්න..
2021-11-28T11:32:00+05:30
Gossip Lanka Hot News






