gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාදිනල් හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ...

මුතුරාජවෙල තෙත්බිම් කලාපයට අයත් මීගමුව, වත්තල සහ ජාඇල ප්‍රදේශවල ඉඩම් අක්කර 3000කට අධික ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට රජය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. 

නාගරික සංවර්ධන අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර,  නාගරික සංවර්ධන අධිකාරිය, එහි සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල, මීගමුව සහ ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.

කාදිනල් හිමියන් සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ රජය පසුගිය ඔක්තෝබර් 07 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් මෙම ඉඩම් ප්‍රමාණය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන ඇති අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි ජනතාවගේ ජීවනෝපාය මාර්ගවලට දැඩි බලපෑම් එල්ල වන බවත් ඔවුන්ගේ පදිංචිය දැඩි අභියෝගයට ලක්වන බවත්ය. 

ඒ අනුව මෙම ඉඩම් පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය බලරහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි එහිමි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka