විජේදාසගෙන් බැසිල්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..
බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධූරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද දැරීමට අයිතියක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඇමරිකානු පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ මහතාට මෙරට සතු වත්කම් ෙවන රටවලට පැවරීමට කිසිදු අයිතියක් නැතැයි ද ඔහු පැවසීය.
යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා අත්සන් කල ගිවිසුම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් නෙරපා හරින්නැයි අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව ද ඔහු පැවසීය.
ඇමරිකානු සමාගම් විසින් ඇමරිකානු පුරවැසියන් බයකර මහරෑ මෙම ගිවිසුම අත්සන් කර ඇතැයි ද පෙන්වා දෙන මන්ත්‍රීවරයා එය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට උපරිමයෙන් කටයුතු කරන බවද කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ අද මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
විජේදාසගෙන් බැසිල්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..
2021-11-20T20:05:00+05:30
Gossip Lanka Hot News






