ජනපති හා කෙහෙලිය මත ගැටුමකද.. ‘කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා’ කෙහෙලිය කියයි..
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු පත් කිරීමේ දී තමන් සහ ජනාධිපතිවරයා අතර කිසිදු ගැටුමක් සිදු නොවූ බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
පනතට අනුව එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කිරීමේ බලය විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට පැවරී ඇති බවද පැවසූ ඔහු අදාළ නිලධාරියා පත්කිරීම් ලිපිය අත්සන් කර බාර දුන්නේ තම අත්සනින් බවද පැවසීය.
සෞඛ්‍ය අමාත්‍ය පැවති මාධ්‍ය හමුවකදී ”අමාත්‍යවරයා ලෙස නිවැරදි දේ කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා යැයි පැහැදිළිව කියන බව” පැවසූ ඔහු මෙසේද සඳහන් කළේය.
”එම පුරප්පාඩුව ඇති වූ අවස්ථාවේදී කැඳවීම් වගයක් කරලා තිබුණා. යම්කිසි විදියේ තෝරාගැනීමක් තාවකාලිකව ඉදිරිපත් වුණා. ඒක විශ්ලේෂණය කළ විට ඒ වෙලාවේ ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරලා ඒ සුදුසුයි කියන නිලධාරියාගේ සුදුසුකම්වල යම්කිසි විදියක අඩුවක් පෙන්නුම් කළාට පසුව මේ ප්‍රශ්නය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරලා. මම ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කරලා. අපි එකඟතාවයක් එක්ක ඒ සුදුසුකම් සියල්ල තියෙන කෙනෙක් පත්කිරීමට අපි තීන්දු කළා.
ඒ විෂය සම්බන්ධව යම් යම් සුදුසුකම් තිබෙනවා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මණ්ඩලය සහ ඇමතිවරයාගේ එකඟතාවයත් ඇතිව පත්කිරීමයි එහි තියෙන්නේ. එහි සඳහන් වෙනවා කෙසේ වෙතත් ඇමතිවරයා දෙන නියෝගය ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැදී සිටිනවා කියලා. යම් පරස්පරයක් තිබුණා ඒක මම නතර කළා”
ජනපති හා කෙහෙලිය මත ගැටුමකද.. ‘කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා’ කෙහෙලිය කියයි..
2021-11-16T01:01:00+05:30
Gossip Lanka Hot News





