gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“රාජ්‍ය සේවය මහ බරක්... තවදුරටත් ලොසින්ජර දෙන්න බෑ” - මුදල් ඇමති කියයි

රාජ්‍ය සේවය බරක් බවත් වසරක් යනතුරු කිසිදු ආකාරයකින් රාජ්‍ය සේවය සඳහා මයජන මුදල් වැයකිරීමේ හැකියාවක් නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අයයවැය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් අද පැවැති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය සේවකයන්ට තවදුරටත් ලොසිජර දෙන්න අවශ්‍යතාවක් නොමැති බවයි.

රාජ්‍ය සේවයට මෙවර අයවැයෙන් මුදලක් වෙන් නොවීම පිළිබඳ මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයට මුදල් අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

“රජයට දරාගන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා. තවදුරටත් අපි ලොසින්ජර දෙන්න අවශ්‍ය නෑ. අපි අවංකව පිළිගන්න ඕන මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්. යම්කිසි ආකාරයක රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙනවා කියන්නේ ජනතාවගෙන් ඒ සඳහා මුදල් එකතු කරගන්න ඕන. රජයකට මුදල් ලබාගන්න ක්‍රමය තමයි මහජනතාවගෙන් ඒක ලබාගෙන තවත් පාර්ශවයකට දෙන එක. මම පැහැදිලිව කියන්න ඕන මොනම ආකාරයකින්වත් වර්ෂයක් යනකම් මොන ආකාරයකින්වත් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නෑ.

එනමුත් රාජ්‍ය සේවකයින්ගේ ප්‍රධාන වශයෙන් මුල්‍යමය ප්‍රතිපාදන වෙන් නොකළත් යම් ආකාරයේ සහන දෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා සමහර රාජ්‍ය සේවකයින් අවුරුදු 45ට වගේ කාලයක් තමයි රාජ්‍ය සේවයට දෙන්නේ. ඔවුන් අවුරුදු 55න් විශ්‍රාම යන කොට අවුරුදු දහයක් විශාම වැටුප් ලැබුණත් අපේ රටේ දැන් තියෙන සෞඛ්‍යමය පැත්තෙන් ඇතිවෙලා තියන කරුණු මත අපේ පරමායුෂ කාලය වැඩි වෙලා තියනවා. ඒ නිසා අපි අවුරුදු 10කින් රාජ්‍ය සේවකයෙකුගේ විශ්‍රාම කාලය දික් කරලා තියෙනවා. මෙතනදී ගණන් හදලා බලන්න මොනතරම් ලාභයක් කෙනෙකුට ලැබෙනවද කියලා. පළපුරුද්ද සහිත රාජ්‍ය සේවකයින්ගේ අත්‍යවශ්‍ය තත්ත්වයක් අපේ රාජ්‍ය සේවයේ තිබුණා. ඒ නිසා තවත් ක්‍රමවේද කිහිපයකින් රාජ සේවකයින් සහන සැලසීමට ක්‍රියා කරලා තියෙනවා නැවත වාරයක් වගකීමකින් කියනවා මේ රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව පුළුල් කරන්න අපිට පුලුවන් කමක් නැහැ. නමුත් විශ්‍රාම යන සංඛ්‍යාව අනුව වාර්ෂිකව සේවක සංඛ්‍යාව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට කටයුතු කරනවා. දැනට අනුමත රාජ්‍ය සේවකයින් 1401890ක් 1423116 ක් ඉන්නවා.

නිදහස ලැබෙන කොට මේ රටේ ජනතාවට 113 දෙනෙකුට එක රාජ්‍ය සේවකයෙක් බැගින් හිටියේ. නමුත් අද වෙනකොට 13 දෙනෙකුට එක් අයෙක් බැගින් ඉන්නවා. එතරම් රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා. මේ අය වැයේදී අපි ඔවුන්ට පඩියකින් වැඩි කිරීමට නොහැකි වුනත් යම් යම් සහන සලසලා තියෙනවා. අපි ආඩම්බර වෙනවා විනයගරුක රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් අපට ඉන්න රටක්. විශේෂයෙන්ම ආපදා වස්ථාව ලදී ක්‍රියා කරපු ආකාරය ගැන අපි සතුටු වෙනවා. හැකි පළවෙනි අවස්ථාවේදී රාජ්‍ය සේවකයින්ට ඒ කළ යුතු කටයුතු සිදු කරන්න රජයට පුළුවන් බව කියනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයන් ගැනත් අපි දීර්ඝ වශයෙන් කල්පනා කරලා තියෙනවා.” යැයි ද හෙතෙම කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka