ඉන්ධන ගේන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන් මිලියන 500ක ණයක් ඉල්ලයි.. ලැබුනොත් සති හයකට ප‍්‍රමාණවත්..
බරපතළ අර්බුදයකට ලක්ව තිබෙන ඉන්ධන ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව ඉන්දීය රජය සමග රජයේ ඉහළ පෙළේ නායකයින් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇත.
ඩොලර් අර්බුදය හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය සොයා ගැනීමට නොහැකිව දැඩි අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇත.
බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් පසුගියදා සපුගස්කන්ද පිරිපහදුව වසා දමනු ලැබුවේ දින ලැබීය.
මෙරටට මසකට අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණය සදහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය වෙයි.
ඉන්ධන ගේන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන් මිලියන 500ක ණයක් ඉල්ලයි.. ලැබුනොත් සති හයකට ප‍්‍රමාණවත්..
2021-11-20T14:05:00+05:30
Gossip Lanka Hot News






