gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බිළිඳිය බිහිකල ගමන් මවයි ආච්චියි වලදමලා.. පැය 3 කට පොලිසියෙන් පණ පිටින් ගොඩ ගනී..

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මඩ්ඩුවිල් ප්‍රදේශයේ ඊයේ (23) තරුණියක් විසින් දරුවෙකු බිහිකොට එම අවස්ථාවේම වලදමා පැය පැය 3 කට ආසන්න කාලයකට පසුව ගොඩගැනීමෙන් පසුව බිළිබඳය මිය ගොස් නොතිබීමෙන් රෝහල්ගත කොට ඇතැයි පොලීසිය පවසයි.

අදාල තරුණිය 18 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ පෙම් සබඳතාවයක් හේතුවෙන් දරුවෙකු ප්‍රසූත කිරීමට ආසන්නව සිට ඇති අතර ඊයේ දින උදෑසන 8.30ට පමණ තරුණිය සහ තරුණියගේ මවගේ සහයෙන් බිහිකොට පණපිටින්ම පොහොර උරයකට දමා ගෙවත්තේ පිහිටි වලකට දමා පස් දමා තිබයදී සොයාගනු ලැබීය.

අදාල තරුණිය දරුවෙකු ප්‍රසූත කිරීමට ආසන්නව ඇති බවට අසල්වැසි නවැසියන් දැන සිටි හෙයින් ඊයේ උදෑසන 10ට පමණ තරුණිය දරුවා ප්‍රසූත කර ඇති බවට දැනගත්තද දරුවා නොසිටි හෙයින්ඒ පිළිබඳව  අසල්වැසියන් විසින් ඒ පිළිබඳව චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමාරක්ෂණ අධිකාරියට දැනුමදී ඇත.

අනතුරුව ළමාරක්ෂණ අධිකාරිය විසින් එම අවස්ථාවේම වසමබාර ග්‍රාම නිලධාරී වරයා විසින් චාවකච්චේරි පොලීසියටද දැනුම්දී පොලීසිය සහ අසල්වැසියන් සමග අදාල තරුණියගේ නිවසට ගොස් විමසීමේදී ගෙවත්තේ වලදැමූ බවට පැවසීමෙන් පසුව එම අවස්ථාදීම එම පිරිස් විසින් වලදැමූ බිළිඳිය ගොඩට ගෙන ඇත.

දහවල් 12 ට පමණ බිළිඳය ගොඩට ගන්නා අවස්ථාවේදීද ප්‍රාණය ඇති බවට පොලිස් නිලධාරීන් දැනගත් විගසම බිළිඳිය චාවකච්චේරි රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අදාල තරුණියද රෝහලට ඇතුලත් කරනු ලැබීය.

අදාල සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය තරුණය සහ තරුණියගේ මව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිමය පියවර ගෙන ඇති අතරම බිළිඳිය මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවටද චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

වලදැමූ බිළිඳය පොහොර උරය තුල සිටීම හේතුවෙන් පස් නිසියාකාරව නොවැටීම මත බිළිඳයට හුස්ම ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka