කැබිනට් පත‍්‍රිකා පෙන්නා එවෙලේම සම්මත කරනවා.. බලන්නවත් වෙලාවක් නෑ..මෙහෙම කරන්නෙ කොහොමද?- විමල් මාධ්‍ය හමුවේ (VIDEO)
ඇතැම් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කල වහාම සම්මත කරගන්නා බවත් ඒවා ප්‍රමාණවත් සාකච්ඡාවක් සඳහා විවෘත නොවන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
හොඳ දෙයක් වුවත් ක්‍රියාවට නංවද්දී බොහෝ සැලසුම් සහගතව කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියි.
වසංගතයක් ක්‍රියාත්මක වෙද්දී පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් මීටත් වඩා සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ යුතුව තිබූ බවද අමාත්‍යවරයා ගේ අදහසයි.
ඇතැම් දේවල් පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් ආණ්ඩුව තුළ සිදුවූයේ නම් ඇතැම් දේවල් මීට වඩා නිවැරැදිව කළ හැකිව තිබූ අද ඔහු පැවසීය.
තමන් මේ බව අමාත්‍ය මණ්ඩල තුළදීත් පිටතදීත් සඳහන් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
කැබිනට් පත‍්‍රිකා පෙන්නා එවෙලේම සම්මත කරනවා.. බලන්නවත් වෙලාවක් නෑ..මෙහෙම කරන්නෙ කොහොමද?- විමල් මාධ්‍ය හමුවේ (VIDEO)
2021-10-14T21:10:00+05:30
Gossip Lanka Hot News






