gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගංජා පර්යේෂක ආචාර්ය වැලිඅංගේ ගංජා වැව්වා කියා තණමල්විලදී අත්අඩංගුවට!

ගංජා පිළිබඳව විවිධ පර්යේෂණ පවත්වන පර්යේෂකයෙකු වන ආචාර්ය වසන්ත වැලිඅංග මහතා ගංජා වගාවක් පවත්වාගෙන යමින් සිටියදී ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව තණමල්වල පොලීසිය පවසයි. 

තණමල්විල ප්‍රදේශයේ පිහිටී කතරගම දේවාලයට අයත් බව කියන ඉඩමක ආචාර්ය වසන්ත වැලිඅංග මහතා ගංජා වගා කර ඇති බවට කතරගම ඉඩම් නිලධාරි විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සමග එම ඉඩමේ වගා කර තිබූ ගංජා පැළ 685ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ගංජා ශාකයේ භාවිතාවන් පිළිබඳව හා ගුණාත්මක භාවයන් සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකරන ලද පර්යේෂණයන් පිළිබඳව ග්‍රන්ථයක්ද එළිදක්වා ඇති අතර, ඔහු පසුගිය කාලය පුරාම ගංජා නීතිගත කරන ලෙස ඉල්ලමින් සමාජයේ හඩක් නැගු පුද්ගලයෙකුද වෙයි. ගංජා සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදුකරන අයෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ, ආචාර්ය වසන්ත වැලිඅංග මෙවැනි පර්යේෂණ කිරීම සඳහා කිසිදු නීතිමය අවසරයක් ලබාදී නොමැති බවයි.

ඒ අනුව ගංජා වගා කිරීමේ වරද යටතේ අත්අඩංගුවට පත් ආචාර්ය වසන්ත වැලිඅංග වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(සූරියවැව - නුවන් ජයසේකර)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka