ඔක්තෝබර් 21 දක්වා අන්තර් පළාත් සංචාරක සීමා වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් -19 වැළැක්වීමේ කමිටු රැස්වීමේදී ගත් තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී එම තීරණයට එළඹි බවය.
මේ අතර එළඹෙන 21 වනදා සිට වයස අවුරුදු 18 ත් 19 ත් අතර පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් බලධාරීන්ට උපදෙස් දී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
මෙම වයස් ඛාණ්ඩවල පසුවන සිසු දරු දැරියන්ට ඔවුන්ගේ පාසල් වල සංවිධානය කෙරෙන එන්නත් කඳවුරු හරහා මෙන්ම ඔවුන්ගේ පදිංචියට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින්ද අදාළ එන්නත ලබාගත හැකියි.
මේ අතර වයස අවුරුදු 15 ත් 20 ත් අතර ඛාණ්ඩයේ සිසු දරු දැරියන්ට ෆයිසර් එන්නත ලබාදීම සඳහා වෛද්‍ය විශේෂඥ කමිටුවේ අනුමැතිය ගිය සතියේ හිමිවුණා.
මෙම වයස් ඛාණ්ඩයේ දරු දැරියන්ගේ එන්නත් කරන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 12 ත් 15 ත් අතර ඛාණ්ඩයේ පාසල් දරු දැරියන්ට ෆයිසර් එන්නත ලබාදීමට නියමිතයි.
මේ සඳහා අවශ්‍ය කරන සියලු ෆයිසර් එන්නත් මාත්‍රා මේ වනවිටත් ඇනවුම් කර අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ.
අදාල මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
