gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති සනත් නිශාන්ත බලෙන් ඉඩමක් අල්ලාගෙන ඩෝසර් කරලා.. හිමිකරු පොලිසි යයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ඉඩමකට බලෙන් ඇතුළු වී මුරකරු පන්නා දමා ඉඩම ඩෝසර් කර ඇතැයි ඉඩමේ හිමිකරු යැයි කියන පුද්ගලයකු පොලිසියට පැමිණිලි කර තිබේ.

අක්කර 50 කින් යුත් එම ඉඩම තමන්ට අයත් එකක් බවත් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් කඩා වැදී එහි තිබූ බඩු බාහිර ආදිය ට්‍රැක්ටරයක පටවා මුරකරු එළවා දමා බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

දස දෙනෙකුට ආසන්න පිරිසක් සමග අමාත්‍යවරයා මෙම කටයුත්තේ යෙදුනු බවත් ඩෝසරයකින් ඉඩම එළිපෙහෙළි කර ඇති බවත් පැමිණිලිකරු කියයි.

පැමිණිලිකරු සඳහන් කරන්නේ අවස්ථා ගණනාවකදීම සනත් නිශාන්ත අමාත්‍යවරයා එම ඉඩම තමන්ගේ ඉල්ලා සිටියද තමන් එය ලබාදීමට නොහැකි බව පැවසූ බවත් ය.

ඒ සෑම අවස්ථාවකම අමාත්‍යවරයා සහ තමන්ට දැනුම් දුන්නෙ ඉඩස දුන්නෙ නැති වුණාට තමන් ඉඩම ගන්නා බව යැයිද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ අදාළ ඉඩම සම්බන්ධයෙන් ගැටලු ඇති බවත් එහි නියම අයිතිකරු සිටිද්දී බලපත්‍රයක් පෙන්වා වෙනත් පුද්ගලයකු ඉඩම අල්ලා ගෙන ඇති බවත් ඒවාට ඉඩදිය නොහැකි බවත්ය.

තමන් කළේ නියම අයිතිකරුට ඉඩම ලබා ගැනීමට කටයුතු කිරීම පමණක් බවද බලපත්‍රයක් තබාගෙන සිටින පුද්ගලයාට ඉඩමෙන් කිසිදු අයිතියක් නැති බවද ඇමතිවරයා සඳහන් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka