බඩු මිල අඩු කරන්න දන්න අය ඉන්නවා නම් ඒ ක‍්‍රමය අපට කියා දෙන්න
භාණ්ඩ මිල තීරණය කරන්නේ ජාත්‍යන්තරය විසින් නිසා ලෝකයේ බඩු මිල වැඩි වෙද්දී මෙරට තුළ ද භාණ්ඩ මිල අඩුවෙන් පවත්වා ගැනීමට නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
එවන් තත්ත්වයකදී මෙරට බඩු මිල අඩුවෙන් පවත්වා ගන්නා ආකාරය දන්නා ආර්ථික ඔස්තාර්වරයෙකු සිටී නම් තමන්ට එම ක්‍රමය කියාදෙන්නැයි ඔහු ඉල්ලා සිටියේය.
ඉන්ධන, ගෑස්, කිරිපිටි වැනි භාණ්ඩවල මිල තීරණය වෙන්නේ අපේ රටෙන් නොව ජාත්‍යන්තර වෙළෙඳපල විසින් බවද ඔහු පැවසීය.
එනිසා ලෝකයේ එම භාණ්ඩු මිල ඉහළ යද්දී මෙරට තුලද මිල වැඩි කිරීමට රජයට සිදුවන බවත් යථාර්ථය එය බවත් ඔහු පැවසුවේය.
ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.
බඩු මිල අඩු කරන්න දන්න අය ඉන්නවා නම් ඒ ක‍්‍රමය අපට කියා දෙන්න
2021-10-19T07:21:00+05:30
Gossip Lanka Hot News






