gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග 670 ක සංවර්ධන වැඩ අරඹයි!

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “ සෞභාග්‍ය යේ දැක්ම ‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය යාථාර්ථයක් කරමින් මාර්ග කි.මි 100,000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පලාපත්වල – ගලේවෙල ( B – 346 ) මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පලාපත්වල දී ආරම්භ කෙරිණි.

පුළුල් කර සංවර්ධනය කරන පලාපත්වල – ගලේවෙල ( B – 346 ) මාර්ගයේ දුර කිලෝ මීටර 30.75 කි. රු.මිලියන 3,552 වැය කරමින් මාස 12 ඇතුලත මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු නිම කිරීමට අපේක්ෂිතය. මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම සිදු කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ….

මේ මාර්ගය කිලෝමීටර් තිහකට වැඩියි. පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ගිය අවුරුදු පහ ඇතුළත මේ රටේ කිසිම පාරක් සංවර්ධනය වුණේ නැහැ. හදපු පාරවල් විනාශ නොවී රැකගන්නවත් පසුගිය ආණ්ඩුව කටයුතු කලේ නැහැ. ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය මේ දිස්ත්‍රික්කයේ පාරවල් සංවර්ධනය කිරීම ගැන පුදුම උනන්දුවක් තිබෙනවා. මෙම මාර්ගය පුළුල් කර සංවර්ධනය කර දෙන ලෙස මාගෙන් ඉල්ලීමක් කලා . මහාමාර්ග අමාත්‍යාංශය විසින් මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ලක්ෂ 35,000 ක් වෙන් කරලා තියෙනවා. ගොඩක් අය අපිට චෝදනා කරනවා මේ රට සංවර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අපි ආණ්ඩු බලය ලබා ගන්න කොට අපිට සෑහෙන අභියෝගයන්ට මුහුණ දෙන්න සිදු වුනා. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් විනාශ කරපු ආර්ථිකයක් තමයි අපිට ලැබුනේ.

පහුගිය යහපාලන ආණ්ඩුව විසින් කරපු හො’රකම් නිසා අපේ ආර්ථිකය කඩා ගෙන වැටුණා. මහබැංකුව හො’රා කෑවා. මහනුවරට අධිවේගී මාර්ගය හදනවා කියලා කිව්වාට ඒක හැදුවේ නැහැ.දඹුල්ලට අධිවේගී මාර්ගයක් හදනවා කිව්වා ඒක හැදුවේ නැහැ. මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් අපි පාරවල් 670 හදන්න තීරණය කරලා තිබෙනවා.

අපි ජනතාවට වගකීමෙන් කියන්නේ තමුන්නාන්සේලා බලාපොරොත්තු වුණා රට අපි නිර්මාණය කරනවා කියලා.දැනට අපිට පොඩි තාවකාලික ප්‍රශ්න කිහිපයක් තිබෙනවා . කිරි , ගෑස්, වී මිල, වගේ තාවකාලික ප්‍රශ්න. මේ ප්‍රශ්ණ සියල්ල කොවිඩ් අ’ර්බුදය නිසා කළු කඩකාරයින් නිර්මාණය කරපු දේවල් . යම් යම් ආකාරයෙන් හම්බ කර ගන්නවා. මම කියන්නේ මේ සියල්ල තාවකාලික ප්‍රශ්න කියලයි. විපක්ෂ හිතනවනම් මේ තාවකාලික ප්‍රශ්න හරහා ආණ්ඩුවක් වට්ටන්න පුළුවන් කියලා ඒක හීනයක්. අපිට මහ බැංකු හො’රා කෑවා කියලා ස්ථිර ප්‍රශ්න නැහැ. මේ රටේ හදවත වගේ තියෙන මහ බැංකුව හො’රාකාපු මිනිස්සුන්ව මේ රටේ ජනතාවට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

වැස්සේ තෙමෙන කොට මිනිස්සු දන්නවා මේ තෙමෙන්නේ මහබැංකු හොරාකාපු මිනිස්සුන් කියලා.ඔවුන්ගේ ඇගේම තිබෙන්නේ මහබැංකුවේ හොරා කාපු සල්ලි.

අපි මේ රටේ ආර්ථිකය වැටෙන්න දුන්නේ නැහැ. එය ස්ථාවරව පවත්වා ගන්න කටයුතු කලා . අපිට ලැබුණු වට්ටපු ආර්ථිකය අතිගරු ජනාධිපතිතුමාගේ නිවැරදි තීන්දු තීරණ නිසා මාස දෙකක් වැනි සුළු කාලයකදී නැවත ගොඩනඟා ගත්තා. සරල බදුක්‍රම හරහා තමයි අදටත් මෙම කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවත් මේ රටේ ආර්ථිකය රැකිලා තියෙන්නේ. අපි ජනතාවට කියනවා මේ රට අනිවාර්යෙන්ම දියුණු කරනවා කියලා. ඒ වගේම ඉදිරියට තියෙන ඡන්ද අපි නියතවම ජයග්‍රහණය කරනවා කියලා කියනවා.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් පස් පිඩැල්ලක් කපා මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමයි.

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka