gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අතුරලියේ රතන හිමියන් නෙරපූ හේතුව ගැන පක්ෂය කියන කතාව

අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට හේතුව, පක්ෂයේ තීන්දු තීරණ නොසලකා හරිමින් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය වන පරිදි අත්තනෝමතිකව කටයුතු කිරීම බව එම පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවත්කු මහතා පවසයි.

අද (ඔක්. 16) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු සඳහන් කළේ, ජාතික වශයෙන් වැදගත් කාරණාවලදී පක්ෂය වශයෙන් ගන්නා තීරණ හමුවේදී රතන හිමියන් එම තීරණ නොසලකා හැර කටයුතු කිරීම හේතුවෙන් පක්ෂයට ඡන්දය දුන් ඡන්ද දායකයින්ට මහත් අසාධාරණයක් සිදුවෙමින් පැවති බව ය.

ඔහු සඳහන් කළේ, එම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමට ද රතන හිමියන්ට අවස්ථාවක් ලබා දුන් බවත් උන්වහන්සේ එයට ද නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් උන්වහන්සේ පක්ෂයෙන් නෙරපා දැමීමේ තීරණය පක්ෂය විසින් ගනු ලැබූ බවත් ය.

ඒ අනුව ඊයේ (ඔක්.15) දින අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි  කිරීමට කටයුතු කළ බව ඔහු පැවසී ය.

උන්වහන්සේ පක්ෂයෙන් නෙරපා දැමීමට පෙර පක්ෂ ලේකම්වරයා විසින් ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාටත් මැතිවරණ කොමසාරිස්වරයාටත් ලිඛිතව දැනුම් දුන් බව ද සුසන්ත කොඩිතුවත්කු මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. 

"පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේට පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන බල මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දු තීරණ හැම එකක් ම විධිමත්ව දැනුවත් කරනු ලැබුවා. නමුත් අවස්ථා ගණනාවකදී ම පක්ෂය ගත් ජාතික මට්ටමේ වැදගත් තීන්දුවලට පිටුපාලා උන්වහන්සේ උන්වහන්සේගේ පෞද්ගලික අභිමතය අනුව කටයුතු කිරීම නිසා පක්ෂයට ඡන්දය දිපු ජනකාවට විශාල අසාධාරණයක් වුණා. එපමණක් නොවේ, උන්වහන්සේ දිගින් දිගට ම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංෂණය කරමින් කටයුතු කළා. 

අවසානයේදී පක්ෂය උන්වහන්සේගෙන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා ඒ සඳහා නිදහසට කරුණු විමසා සිටියා. පෙර පරිදි ම උන්වහව්සේ පක්ෂයෙන් යවන ඒ නිවේදන, ඉල්ලීම් කිසිවක් ගණන් නොගෙන අත්තනෝමතිකව කටයුතු කරමින් නිදහසට කරුණු දැක්වීම පැහැරහැරියා. ඒ අනුව පක්ෂ ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල අනුව පක්ෂයේ විනය මණ්ඩලය විසින් උන්වහන්සේ සියලු චෝදනාවලට වරදකරු කරලා නිර්දේශ කරනු ලැබුවා උන්වහන්සේගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට. ඒ අනුව අපේ ජන බල පක්ෂය නම් කළ මන්ත්‍රී ධූරය අහෝසි කරලා නවක මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට පත් කරැනීමට අවස්ථාව ලබාගැනීම සඳහා උන්වහන්සේ පක්ෂයෙන් නෙරපීම සම්බන්ධ දැනුම්දීම පාර්ලිමේන්තු මහලේකම්වරයාටත් මැතිවරණ කොමසාරිස්වරයාටත් අපි ලිඛිතව දැනුම් දුන්නා."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka