රතන හිමි පක්‍ෂයෙන් නෙරපයි – මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කරන්නැයි කොමිසමට දැනුම් දේ!
ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්‍ෂයෙන් ඉවත් කර තිබේ.
රතන හිමියන් වෙත එල්ල වූ චෝදනා හතරකට උන්වහන්සේ වැරදිකරු බවට තීරණය කිරීමත් සමග පක්ෂයෙන් නෙරපීමේ තීරණය ගෙන ඇත.
ඒ අනුව එම තීරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද දිනයේ යොමු කිරීමට කටයුතු කර ඇත.
තම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද රතන හිමියන් මන්ත්‍රි ධුරයෙන්ද ඉවත් කරන ලෙස පක්ෂය විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.
රතන හිමි පක්‍ෂයෙන් නෙරපයි – මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කරන්නැයි කොමිසමට දැනුම් දේ!
2021-10-15T14:30:00+05:30
Gossip Lanka Hot News






