gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පහන්තුඩාවේ යුවලට වසර හතකට අත්හිටවූ මාස තුනක සිර දඬුවමක්!

බලන්ගොඩ බෙලිහුල්ඔය පහන්තුඩාව ඇල්ල පසුබිම් කරගෙන අසභ්‍ය විඩියෝවක්  රූ ගත කර අන්තර්ජාලයට මුදාහල යුවලට රුපියල් 10,800 ක  දඩ මුදලක්  නියම කළ   බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක ඔවුන් වසර  හතකට අත්හිටවු මාස තුනක සිර දඩුවමකට යටත් කිරීමට අද (01)  නියෝග කළේය.

ඉකුත්  අගෝස්තුවේ දී පහන්තුඩාව ඇල්ල පසුබිමෙහි මෙම අසභ්‍ය වීඩියෝව රූගත කර අන්තර්ජාලයට මුදාහල මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයා සහ ඇල්පිටිය ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණිය පොලිස් පරිගණක අපරාධ සම්බන්ධ විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගන්නේ පාර්ශව කීපයක් විසින් සිදුකළ පැමිණිලි පිළිබඳව සලකා බලමිනි.

කොවිඩ් ආසාදිතව සිටි අත්අඩංගුවට ගත් තරුණයා සහ තරුණිය පසුගිය 16 වැනිදා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කිරිමෙන් පසු එම නඩුව අද (01)  යළි කැඳවිමට නියෝග කරමින් ඔවුන් ශරිර ඇප මත මුදා හැර තිබුණි.

අද අධිකරණය ඉදිරියට පැමිණවීමෙන් පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිනි.

- සම්පත් දෙණිපිටිය 


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka