gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති 16 වතාවක් ඉන්දීය අගමැති මග හැරලා: හේතුව මෙන්න

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ධුරය දරද්දී 16 වතාවක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මග හැර ඇති බව දැනගන්නට තිබෙනවා.

ඒ කොළඹ වරායේ වරාය නැගෙනහිර ජැටිය සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගත් උත්සාහයන් ව්‍යාර්ථ කිරීම සඳහා.

අගමැති පුද්ගලිකව මැදිහත් වීම

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සහ කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දීය සමාගම් වලට ලබා ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකම මැදිහත්වී තිබෙනවා.

ඒ සඳහා ඔහු එවකට සිටි මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට ගත් උත්සාහයන් සියල්ලම හිටපු ජනපතිවරයා උපක්‍රමශීලීව මග හැර තිබෙනවා.

නීතිපතිට යැවූ ලිපිය

විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාවේ IOC සමාගමේ නිලධාරියකු මෙරට නීතිපති වරයාට ලිපියක් යොමු කළේද සිරිසේන ජනපතිවරයාගේ පාලන කාලයේදී.

ඉන් ඉල්ලා සිටියේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා එහි අයිතිය නිරවුල් කර දෙන ලෙසටයි.

ඒ අවස්ථාවේද සුදුසු ආයෝජකයෙකුට ඒ සඳහා අවස්ථාව ලබාදීමේ බලය එවකට සිටි ඛනිජ තෙල් ඇමති අර්ජුන රණතුංග මහතා වෙත පැවරීමට සිරිසේන ජනපතිවරයාගෙන් යුත් කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා.

එහෙත් එය සිරිසේන ජනපතිවරයාගේ පාලන කාලයේදී ක්‍රියාවට නැංවූයේ නැහැ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka