පැන්ඩෝරා පත්‍රවල නම ඇතුලත් ලාංකිකයින් ගැන විමර්ශනයක් කරන්න - ජනාධිපති නියෝග කරයි
මහත් ආන්දෝලනයක් ඇති කළ ලොව පුරා කෝටිපතියන්ගේ සැඟ වූ වත්කම් හෙළි කළ පැන්ඩෝරා පේපර්ස් හෙවත් පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් සියලු ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මසක් ඇතුළත විධිමත් පරීක්ෂණයක් පවත්වා වහාම තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබෙනවා.
ජනාධිපතිවරයා අද උදැසන අදාළ නියෝගය සිදු කර ඇත්තේ, අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ සභාපතිවරයාට යි. ගෙවී ගිය සති අන්තයේ හෙළි දැක්වුණු මෙම සැඟවුණු වත්කම් හෙළි කෙරුණු පැන්ඩෝරා පත්‍රිකා ලිපි ගොනු තුළ මෙරට හිටපු දේශපාලඥයින්ගේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්ගේ අක් වෙරළ වත්කම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම් සිදු ව ඇති බව වාර්තා වුණා.
මෙම අක් වෙරළ වත්කම් සබන්ධයෙන් සිය කැබිනට් මණඩලයේ අමාත්‍යවරුන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අසල්වැසි පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ද වහා ම පරීක්ෂණයක් සිදු කරන ලෙස මීට පෙර එරට දූෂණ වංචා විමර්ශන අංශවලට නියෝග කර තිබුණා.
පැන්ඩෝරා පත්‍රවල නම ඇතුලත් ලාංකිකයින් ගැන විමර්ශනයක් කරන්න - ජනාධිපති නියෝග කරයි
2021-10-06T10:53:00+05:30
Gossip Lanka Hot News






