‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනිකයි.. යූරියා අකාබනිකයි’- අපට දේශපාලඥයන්ගෙන් ඉගෙනගන්න වෙනවා - පේරාදෙණි රසායන විද්‍යා මහාචාර්ය කියයි
දැන් තමන්ටද දේශපාලනඥයන්ගෙන් රසායන විද්‍යාව ඉගෙන ගැනීමට සිදුවනු ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පිළිබඳ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ රසායන විද්‍යාව දේශපාලඥයන්ගෙන් ඉගෙන ගැනීම හෝ රසායන විද්‍යාව ඉගැන්වීම දැමීම තෝරාගත යුතු තත්ත්වයක් උදා වී ඇති බවයි.
මේ ආකාරයට ගියොත් ඉදිරි රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර වලට මොනවා ඒදැයි නොදන්නා බව ඔහු පෙන්වා දෙයි.
කාබනික යැයි කියමින් පොටෑසියම් ක්ලෝරයිඩ් ගෙන්වන බවත් ආකාබනික යයි යූරියා නොගෙන්වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.
‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනිකයි.. යූරියා අකාබනිකයි’- අපට දේශපාලඥයන්ගෙන් ඉගෙනගන්න වෙනවා - පේරාදෙණි රසායන විද්‍යා මහාචාර්ය කියයි
2021-10-16T15:47:00+05:30
Gossip Lanka Hot News









