අයවැයෙන් පෙට‍්‍රල්-ඩීසල්වලට හොද මිලක්..
දිගින් දිගටම ඉහළ යන ලෝක ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම ලබන මස 12දා ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනය මගින් සිදුකෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.
ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට බලශක්ති අමාත්‍යාංශය වාර ගණනාවක් මුදල් අමාත්‍යාංශයේ අවසරය ඉල්ලා තිබූ නමුත් ඊට අවසරය ලැබුණේ නැත.
ඉන්ධන මිල අර්බුදය ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර සාකච්ඡාවක්ද පවත්වා ඇත. එහිදීද මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම අයවැය මගින් සිදු කිරීම යෝග්‍ය බවයි. එහෙත් ඉන්ධන මිල ඉහළ යන ආකාරය ගැන කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි වී නැත.
– deshaya
අයවැයෙන් පෙට‍්‍රල්-ඩීසල්වලට හොද මිලක්..
2021-10-17T07:24:00+05:30
Gossip Lanka Hot News






