gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉඩම් සින්න කර ගැනීම – වාහන සීස් කිරීම නවත්වන්න! “යට ඇඳුමටත්“ මහ බැංකු අධිපති විසඳුම් දෙයි!

ණය වෙනුවෙන් බැංකුවලට ලබා දී ඇති ඉඩම ඇපකර වෙන්දේසි කිරීම සහ මූල්‍ය ආයතකනවලින් වාහන සඳහා ලීසිං වාරික හිඟ පුද්ගලයන් සතු වාහන අත්පත් කර ගැනීමෙන් (සීස් කිරීමෙන්) වළකින ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද මෙරට බැංකු සහ මූල්‍යායතනවලින් ඉල්ලා සිටියේය.

ඉදිරි මාස හයක කාලයක් සඳහා ශ්‍රි ලංකාවේ ආර්ථික සිතියම පිළිබඳව දේශනය ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා එම ආයතනවලින් ඉල්ලා සිටියේ මේ අර්බුදකාරී අවස්ථාව හමුවේ පොලී සහන ලබා දීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙසය. බැංකු සහ මූල්‍ය ආයතන සඳහා ළඟදීම මහ බැංකුව විසින් අදාළ මඟ පෙන්වීම් සහ උපදෙස් ලබා දිමට බලාපොරොත්තු වන අතර වසංගතය හේතුවෙන් අර්බුදයට ලක් වූ ණය ලාභීන් සඳහා රුපියල් බිලියන 15ක් වටිනා පොලී සහනයක් ලබා දීමද මහ බැංකුව බලාපොරොත්තු වන බව එහිදී අනාවරණය කළේය. කොවඩ් අර්බුදය හේතුවෙන් මේ වනවිට  බොහෝ ක්ෂේත්‍රවලට තම ව්‍යාපාර පවත්වාගෙන යාම අභියෝගාත්මක වී ඇති අතර රජය විසින් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන සහන ශිලී පියවර සහ ස්ථාවර ප්‍රතිපත්ති මත යළිත් රටක් ලෙස අපට ආර්ථික අභියෝග ජයගත හැකි වනු ඇති බවටද මහ බැංකු අධිපතිවරයා විශ්වාසය  පළ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ කොවිඩ් වසංගතය හේතුවෙන් අර්බුදයට ලක් වු ණය ලබා ගත් ව්‍යවසායකයන් ඇතුළු පුද්ගලයන් සඳහා සෑම බැංකුවක සහ මූල්‍යායතනයකම විශේෂ කවුළුවක් වෙන් කළ යුතු බවය.

මහ බැංකු අධිපතිවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළේ පසුගියදා මහ බැංකුව විසින් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, යට ඇඳුම ඇතුළු අයිතමයන් ආනයනය කිරරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට 100ක මුදල් අත්තිකාරම් ආන්තකිකයක් අය කිරීම පිළිබඳව ගත් තින්දුවද අද සිට ඉවත් කිරීමට පියවර ගන්නා බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka