gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"කොටියා, ත්‍රස්තවාදියා" යැයි කියමින් ආණ්ඩුවේ පසුපෙළ හා දෙමළ සන්ධානය හැප්පෙයි

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් දෙපලක් "කොටියා , ත්‍රස්තවාදියා" යන නම් වලින් හඳුන්වමින් අමාත්‍යාංශ උපදේශන සභා රැස්වීමකින් පන්නා දැමීමේ සිද්ධියක් ඒ.එම්.සුමන්දිරන් අනාවරණය කළා.

ඒ කතානායකවරයා අමතා පාර්ලිමේන්තුවේදී.

සිද්ධියට මුල් වූ අමාත්‍යංශය

සිද්ධිය ඇතිව තිබෙන්නේ ඊයේ (22) පැවැති වනජීවී හා වන සම්පත් අමාත්‍යාංශ උපදේශන සභා රැස්වීමේදී.

එහි විෂය භාර අමාත්‍යවරයා සී.බී. රත්නායක මහතා.

එහිදී අදාල මන්ත්‍රීවරුන් දෙපළ එසේ පන්නා දමා තිබෙන්නේ ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් බව සුමන්තිරන් මහතා අනාවරණය කරනවා.

එහිදී දෙමළ ජාතික සන්ධානයේ ශ්‍රීධරන් සහ රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් දෙපළ එසේ පන්නා දැමූ බව සුමන්තිරන් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

මන්ත්‍රී දෙපළ ඉවත්ව යාම

ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් "කොටියා , ත්‍රස්තවාදියා" යන නම් වලින් ඇමතීමත් සමග තමන්ව මේ රැස්වීමට අවශ්‍ය නැත්නම් තමන් යන බව සඳහන් කරමින් එම මන්ත්‍රී දෙපළ එම ස්ථානයෙන් ඉවත්ව ආ බවයි සුමන්දිරන් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අවස්ථාවේදී රැස්වීමට සහභාගි වී සිටී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පමණක් අදාල දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් දෙපළ වෙනුවෙන් පෙනී සිටිමින් "කොටියා , ත්‍රස්තවාදියා"ලෙස ආමන්ත්‍රණය නොකරන ලෙස ආණ්ඩු පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන්ට දන්වා සිටි බවත් සුමන්තිරන් මහතා සදහන් කරනවා.

එහිදී වනජීවී හා වන සම්පත් විෂය සම්බන්ධයෙන් තමා ප්‍රශ්න ඇසීමට තමාට අවශ්‍ය බව රාසමානික්කම් මන්ත්‍රීවරයා කල් තියාම එම උපදේශන සභාවට දැනුම් දී ඇති බවත් සුමන්තිරන් මහතා අනාවරණය කරනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka