gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් ආපසු හැරෙයි! බැසිල් කිව්ව දේ පිළිගනී!

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන ආකාරයට යුගදනවි බලාගාරය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දී අනුමැතිය ලබාගත් බවට වන ප්‍රකාශය ගැන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් විමසූ විට ඊට ඍජුව පිළිතුරක් ලබා දීමෙන් වැළකී සිටි ඒ මහතා “ප්‍රසන්න රණතුංග ඇමතිතුමා එහෙම කියනවානම් ඒක කැබිනට් සාමූහික වගකීමත් එක්ක ගැටෙනවා. මොකද අමාත්‍ය මණ්ඩලයේ සිදුවෙච්ච දෙයක් සිදුවෙච්ච ආකාරය පිළිබඳව අපි කතා කළ යුතු වන්නේ නැහැ” යැයි පැවසීය.

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් විදේශ සමාගමකට පැවරීමෙන් බලාගාරයේ කළමනාකරණ බලය එම සමාගමට නොලැබෙන්නේ නම් අදාළ ගිවිසුම පිළිබඳ සලකා බැලිය හැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසායි.

“LNG සැපයුම තනි අමෙරිකානු සමාගමක් අතර දීර්ඝ කාලීනව නතු වෙනවා වගේ පෙනෙනවානම් ඒ කරුණු ගැන අපි සංවේදියි. ඒ ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ ජනාධිපතිතුමාත් එක්ක. දැන් අත්සන් කරලා ඉවර වෙලා තියෙන්නේ යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතුව තිබිච්ච කොටස් සීයට හතෙන් සීයට හතළිහක් එම සමාගමට දීලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 250ක ට. ඒ ගිවිසුම තමයි මේ අත්සන් කරලා තියෙන්නේ. මේ ගැන අපි මුදල් ඇමතිතුමා ඇතුළු නිලධාරීන් සමඟ පැවතිච්ච සාකච්ඡාවකදී ඇහැව්වා මේ කොටස් සීයට හතලිහ ගැනීම සමඟ යුගදනවි බලාගාරයේ පාලන බලය මේ සමාගමට යනවද කියලා. එතෙන්දි විදුලි බල මණ්ඩලයේ වත්මන් සභාපතිතුමා පැහැදිලිව කිව්වා සීයට හතළිහේ කොටස් ගියාට පාලන බලය තියෙන්නේ ආණ්ඩුව අතේ කියලා. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලයට ඒ ගිවිසුම ඉදිරිපත් කළ යුතුව තිබෙනවා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව. විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා කියන විදිහට මේ සමාගමට ඒ යුගදනවි බලාගාරයේ මැනේජ්මන්ට් පවර් එකක් යන්නේ නැත්නම් ඒක අපිට සලකා බැලිය හැකි තත්වයක්. මොකද යුගදනවි එක අවුරුදු පහළොවකින් කොහොමත් විදුලි බල මණ්ඩලයට අයිති වෙනවා”යි අමාත්‍යවරයා පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka